.
.
.
.
.
.
" ආහ්හ්....ආවූඌඌඌ "" මල්ලි ප්ලීස් පොඩ්ඩක් එක විදියකට ඉන්නකො....."
" ආහ්.....ඔයාට කියන්න නම් ලේසියි අක්කෙ මම එපැයි ඉන්න.....ඕක පොඩ්ඩක් හෙමින් කරන්නකො..... මටනෙ රිදෙන්නෙ...."
රවීන්ගෙ තුවාල වලට බෙහෙත් ආලේප කරමින් උන්න නර්ස් පුදුම පීඩනයකින් හුස්මක් පිට කලේ රූම් එකේ දොර ළග හේත්තු වෙලා දෑත් බැදන් බලන් උන්න ආරොන් බොහොම සන්සුන්ව රවීන් දිහා බලන් ඉද්දි........
" ආආආආආ !"
සර්ජිකල් වලින් පොගවපු පුළුන් කැල්ල නර්ස් අක්කා රවීන්ගෙ වැලමිටේ තුවාලෙට ලන් කරනවත් එක්කම බබා හම්බෙන්න වගේ රවීන් බෙරිහන් දෙන්න ගත්තෙ ආරොන් ස්පෙක්ස් වලට යටින් තියුණු පෙනුමක් රවීන්ට දෙද්දි.....
" අයියෝ මල්ලි...මේක දැනෙන්නෙ වත් නැ...ඔයා බොරුවට බය වෙලා ඉන්නෙ..."
" කියන්න ලේසි...! ඔයා දන්නැනේ අක්කෙ මන් සර්ජිකල් වලට කොච්චර බයද කියල ..... "
" බලන්න දැන් මෙතනට ආවෙ කීයටද කියල ....තව තුවාල කීයක් තියෙනවද ? ඔයාට අද ගෙදර යන්න වෙන්නෑ මල්ලි ...."
" ඕක මට දෙන්න...."
ඇදන් ඉදිය අත් දිග ශර්ට් එකේ අත් උඩට නමමින් ආරොන් කියද්දි රවීන්ට චූ බරකුත් ලෝඩ් උනා..... රවීන්ට දැනුනෙම නිකන් ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ ෆිලින්ග් එකක්.....
" නෑ නෑ අක්කෙ...ඒ හු#තට නම් දෙන්න එපා......ඔයාම උලන්න ඕක..."
රවීන් කිව්වෙ නර්ස් අක්කගෙ අතිනුත් අල්ලගෙන.....
" ඔය බල්ලා ස්කෝලෙ හත වසරෙදි මාව වොලිබෝල් කෝඩ් එකෙ ඇදගෙන වැටිලා දණහිස තුවාල උනාම බලෙන්ම සික් රූම් එකට ඇදගෙන ගියා......මන් හිතුවෙ ආදරේ.....නෑ මන් කිව්වෙ ෆිට් එකට කියල ......හැබැයි මූ ගොනෙක් වගේ සර්ජිකල් කුප්පියම දාලා තුවාලෙ පිහිදැම්මා අක්කේ ...... එදා මාව බයටම කලන්තෙත් දැම්මා ...."
නර්ස් අක්කා කට තද කරගත්තා.....
" මූට තුවාල පිහිදන්න දෙනවට වැඩිය හොදයි මන් ආයෙම ගිහින් දහදෙනෙක්ගෙන් ගුටි කාලා එනව...."
YOU ARE READING
CAROL 🌼
Non-Fiction" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?