.
.
.
.
.
වෙලාව හවස පහ යාන්තමට පහු වෙද්දි පොලිස් මූලස්ථානය ඉස්සරහ නවත්තපු කළු පාට බෙන්ස් එකෙන් සන්ග්ලාසස් දාලා ඉදිය ශාන් වගේම සුදු අත් දිග ශර්ට් එකකට තද දුඹුරු ඩෙනිම් එකක් ඇදල උන්න ඒඩන් බැස්සෙ මූණට මාක්ස් එක දාගෙන..... ශාන්ගෙ පස්සෙන්ම බ්ලේසර් එකක් ඇදල ෆුල් කිට් එකෙන් ඉදිය ලෝයර් කෙනෙක් හිටගත්තෙ ගාඩ්ස්ලගෙ මැද්දෙන් මිඩියාකාරයොන්ගෙ කරදර අස්සෙන් කට්ටිය අපරාධ විමර්ෂණ ඒකකයට එද්දි.....ඒක ප්‍රාදේශීය පොලිස් ස්ථානයක විසදගන්න අවශ්‍ය මූලික කරුණයක් උනත් ඒක අපරාධ විමර්ශ්න අංශය දක්වාම ඇදගෙන එන්න බලපෑවෙ චෝදිත පාර්ශවය සහ වින්දිත පාර්ශවය යන දෙකම එසේ මෙසේ මිනිස්සු නොවුන නිසා ඇතිවෙන ආරවුල් වළකාගන්න.....තවත් හේතු තිබුනත් මූලිකම කාරණේ උනේ ඒක.... මුළු ලංකාව පුරාම ශාන් අබේවික්‍රමගේ පුතා ඒඩන් අබේවික්‍රම මිනිමැරුමක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් බවක නිවුස් එකක් ඒඩන් ගෙදර ඉන්දැද්දීම බ්‍රෙකින්ග් නිවුස් වලට පවා ගියේ ශාන්ගෙ තිබුන ප්‍රසිද්ධියට පින් සිද්ධ වෙන්න.....
ඒ අස්සෙ ඉතිං ෆේස්බුක් වල යු ටියුබ් වල මිනිස්සු දැනටමත් ' විවේචනය ' පටන් අරන් තීද්දි එයාල නම් දැනටමත් වැරදිකාරයා තීර්ණය කරල ඉවර බවක් පෙනුනා....
ශාන් එක්ක ඒඩන් අපරාධ විමර්ශන අංශයේ ඔෆිස් කාමරේකට ඇතුලෙ පුටු දෙකක ඉදගෙන එකිනෙකාගෙ මුහුණ දිහා බලාගෙන ඉදියෙ ඒඩන් ලොකු හුස්මක් පිට කරද්දි... එයාලා එතන්ට ඇවිත් දැන් පැය දෙකක් කිට්ටු වෙන්න එනව..... තියෙන නිති රීති වලට පිටින් වැඩ කරන්න කිසිම ඉඩක් ඇත්තෙත් නැහැ..... මේ වෙලාවෙ ඒඩන්ට විරුද්ධව තියෙන සාක්ෂිත් ප්‍රබලයි.....
YOU ARE READING
CAROL 🌼
Non-Fiction" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?