17 🌼 Chord

4.7K 582 791
                                    

.
.
.
.
.
.
.
.
.
.
එකහමාරට ස්කෝලෙ ඉවර වෙලා ළමයි එකා දෙන්නා එලියට එද්දි ඉස්සරවෙලා යන ආරොන්ගෙ පස්සෙන් රවීන් හෙමින් සැරේ ගෑටුවෙ දෙන්නත් එක්ක ට්‍රේන් එක ගන්න යන නිසා..... අද සැරිය නොයා ටිකක් නිදහසේ යන්න ඕනෙකමට තමයි රවීන් ට්‍රේන් එකේ යන් කියල යෝජනා කලේ......

සැරියක් කියන්නෙ ඉතිං ට්‍රිප් යන බස් එකක්නේ...කපල් එකක් විදියට නිදහසේ එකේ යනවට වඩා  හොදයි පයින් ඇවිදන් යන එක...

" සුදු මැණික !"

ඉස්සර වෙලා යන ආරොන් නතර උනේ පිටිපස්සෙන් ඇහුන රවීන්ගෙ ආමන්ත්‍රණයට වෙද්දි ආරොන් නතර වෙලාම ඉදියෙ රවීන් ඉකම්න් අඩියෙන් ආරොන් ළගට ලන් වෙද්දි....

" හෙමින් යමන්කො බන්..... මොකටද හදිසිය...... "

රවීන්ගෙ වචන කනකට නොගත්ත ආරොන් ආයෙ විදිල්ල වගේ ඉස්සර වෙලා ගිය යෑම නතර උනේ කෙලින්ම ස්ටේශන් එකේ ටිකට් කවුන්ටර් එකෙන්.....

" අළුත්ගම දෙකයි "

රවීන්ගෙ ඇස් උඩ ගියේ ආරොන් එකක් පානදුරේට නොඉල්ලා කෙලින්ම දෙකම අළුත්ගමට ඉල්ලපු නිසා.....

ටිකට් දෙක අරන් ආව ආරොන් වට පිට බලමින්ම ස්ටේශන් එකේ නතර කරල තිබුන පවර් සෙට් එක දිහාවට ගිහින් සෙනග ටිකක් අඩු පෙට්ටියකට නැගල ඉදගත්තෙ ආරොන් ගිය දිහා බලන් රවීන් එහෙන්මම එතන තිබුන කිරි හල දිහාවට යද්දි.....

දැනටමත් වෙලාව දෙකහමාර කිට්ටුයි.... ට්‍රේන් එක අද්දන්න ඔන්න මෙන්න වෙද්දි අතේ තිබුන මුදලෙන් ආරොන් කන්න කැමති තරු තරු තිබුන ස්නැක් එකයි ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් කිරි එකකුයි අරන් රවීන් ට්‍රේන් එකට නැග්ගෙ රවීන් එන දිහා බලාගෙන ඉදිය ආරොන් ඇස් වලින් රවද්දි.....

හේතුව රවීන්ට හිතාගන්න පුලුවන් උනා.... ආරොන් ට්‍රේන් එකට නගිද්දිත් ඒ සීට් එක හිස් වෙලා තිබ්බත් රවීන් එන්න පරක්කු උන නිසා ඒ සීට් එක වයසක අංකල් කෙනෙක් ඉදගෙන තිබුනා...... .

ස්කූල් ළමයින්ම ඉදන් ඉදිය කෝච්චි පෙට්ටිය වටේ ඇස් ගෙනිච්ච රවීන් අදුරන එකෙක් වත් නැ කියල තහවුරු කරගත්තෙ කෝකටත් කියල....මොකද ආරොන්ගෙයි රවීන්ගෙයි බැදිම ගොඩාක් දුරට ප්‍රසිද්ධ රහසක් වෙලා තිබුනෙ....

CAROL 🌼Where stories live. Discover now