24 🌼 Chord

7.6K 817 1.4K
                                    

🌼 වචන වල අඩුපාඩු ඇති...නොගැලපෙන වාක්‍ය ඇති..... අඩුපාඩු සෑහෙන ඇති... එහෙ මෙහෙ දුව දුව හිටගෙනත් ටයිප් කලා 🙂  camawenna.... අනික මේ එපිය මටත් සෙට් නෑ...... ඇත්තටම බුබීස් මේ සතියෙ මන් සෑහෙන බිසී උනා මල ගෙවලුයි මගුල් ගෙවලුයි පිස්සු හැදුනා 😑සමාවෙන්න හොදේ 🙂❤️

.
.
.
.
.
.
වෙලාව හවස පහට විතර වෙද්දි රවීන් නෝමල් මඩ කහ පාට ඩෙනිමකට සුදු ටී එකක් ගහගෙන ගෙදරින් එළියට ආවෙ අයියගෙ බයික්කෙ යතුරත් අරගෙන....

කොල්ලා එහෙන්මම රතුයි සුදුයි අයියගෙ ඩියෝ එකට ගොඩ වෙද්දිම අල්ලපු ගෙදර නැන්දා එක්ක කයිය ගගහ ඉදල හෙට උදේට හදන්න පලා මිටියකුත් අතේ තියන් රව්න්ලගෙ අම්මා ඇතුළට ආවෙ බයික්කෙට ගොඩ වෙන  රවීන් දිහා බලාගෙන....

" මේ වෙලාවෙ කොහේ යන්නද ළමයො..."

" පොඩි වැඩක්..."

" මොකද්ද වැඩේ ?"

" මේ.... cinnamon bey එකට ගිහින් එන්නම්...යාලුවෙක් හම්බෙන්න..."

" හහ්...ආරොන් පුතාද ?"

" නෑ නෑ වෙන යාලුවෙක්..."

" අර ප්‍රොෆෙසර්ගෙ පුතාද "

" ආහ්.....මොකද්ද අම්මා..... !"

රවීන් ඇහුවෙ හෙල්මට් එක දාගෙන බයික් එක හරවගනිමින්.....

" ඇයි දැන් ආරොන් පුතා මෙහෙ එන්නැත්තෙ.... මාසයක් විතර වෙනවනේ....කාලෙකින් ආවෙ නෑ...."

" මන් කොහොම්ද දන්නෙ....ඌට වැඩ ඇති....මන් ගියා..."

අම්මා ආයෙත් මොනවහරි අහන්න කලින් රවීන් ස්කූටර් එක ගේට් එකෙන් එළියට දැම්මෙ එහෙන්මම එයාලගෙ ගෙවල් පාර දිගේ බයික්කෙ ටවුන් එකට අරගෙන එමින්.....

එහෙන්මම රවීන් බයික් එක පැදගෙන ෆොන් එකේ චැට් එකක තිබුන ලොකේෂන් එක උන අලුත්ගමට අල්ලපු වැට බේරුවල,  සිනමන් හොටෙල් එකට ආවෙ මහ ලොකු වෙලාවක් යන්න නොදී....

පාර ඉස්සරහ තිබුන පාර්කින් එකේ බයික් එක නවත්තල රවීන් වටපිට බැලුවෙ ඇගට දැනෙන සියුම් අපහසුතාවයක් එක්කමයි.... මේ වගේ ලොකු තැනකට කවදාවත් ඇවිත් නොහිටි රවීන්ට ඒක ටිකක් අමුතුවට දැනුනා....

CAROL 🌼Where stories live. Discover now