15 🌼 Chord

4.4K 607 823
                                    

.
.
.
.
.
.
.
.
එදා දවසෙ හවස් වරුවෙ ගෙදර ඇවිත් නාලා කාලා  ගිටාර් එකත් අරන් ඒඩන් පහළ පොත් කාමරේට ආවෙ එද්දිම කාමරේ දොර ඇතුළෙන් ලොක් කරගෙනම...ඒඩන්ට ඕනෙ උනේ නෑ ඒ වෙලාවෙදි කවුරුත් එයාට කරදර කරන්න එනව දකින්න.....

ගිටාර් එකයි ටැබ් එකයි අරගෙන එක පේළියට ගහල තිබ්බ පොත් රාක්ක අතරෙන් ඒඩන් ඇවිදගෙන ගියේ පොත් කාමරේ අස්සෙ හැංගිච්ච තැනකට......

එතන තිබුනෙ ඒඩන්ට මෙලෝ මලදානයක් නොතෙරෙන රසායන විද්‍යා පොත් පත් වගයක්ම තමයි .... ඒත් ඒ පැත්තට අනුක් අයියා ඒ හැටි ආවෙ නෑ.... දවසෙම පොත් කාමරේ ගත කරන අනුක් අයියා වැඩියෙන්ම ගැවසුනේ පොත් කාමරේ තිබුන මේන් රැක්ස් දෙක අතරෙ වෙද්දි ටිකක් කෙලවරකට වෙන්න තිබුන ඒ රැක් එකේ තිබුන පොත් පත් අනුක් අයියා ඒ හැටි පරිශීලනය නොකරපු නිසා ඒ පැත්ත ටිකක් විතර පාළුවට ගිහින් තිබුනා.....

ඒ අතරෙ ඒඩන් ඔතන රජ කරන් ඉදියේ බිමට බුල් බූල් මැට් එකකුත් දාලා..... මහ ලොකුවට ඒකා ඕක අස්සෙ කරන දෙයක් නෑ.... පාඩම් කරන්න කියල ආවත් බූල් බූල් මැට් එකේ සනීපෙට පොතත් බදන් නිදාගන්නව...

ඒත් අද කොල්ලා එතන්ට ආවෙ එළියට එන්න තරම් ගැහෙන තමන්ට වත් පාලනය කරගන්න බැරි හදවත සන්සුන් කරගන්න හිතාගෙන...ගෙදර ආවත් අද හවස් වරුවෙම ඒඩන්ගෙ හිත තිබුනෙ තමන් ළග නෙමෙයි..... ඒක පාලනය කරගන්න හරිම අසීරු හැගීමක් බව ඒඩන්ට දැනුනෙ....

හිත සන්සුන් කරගන්න හිතාගෙන ආව ඒඩන් ටැබ් එකේ කැම් එක  ඔන් කරල පේන්න තියාගෙනම මැට් එකෙන් ඉදගත්තෙ කකුල් දෙක එරමිණියා ගොතාගෙන....

ගිටාර් එක උකුළට ගත්ත කොල්ලා මදකට ඇස් පියන් තද කරගත්තෙ පොත් කාමරේ කෙලවරේ ඇරල තිබුන ජනෙලේන් හෙමින් සැරේ හුළගක් හමාගෙන ඇවිත් ඒඩන්ගෙ නළලට වැටුන කෙස් රොදක් අවුස්සල දාලා යද්දි.....

ගිටාර් එක උඩ ඇගිලිතුඩු යවපු ඒඩන් තමන්ගෙ තිබුන බෙස්ට්ම වොයිස් එකෙන් මුමුණන්න අරගත්තෙ දෑස් පියාගෙන හිත එක තැනකට එකතු කරගෙන......

ගිටාර් එක අරන් පොත්කාමරේට එනව කියල හිතද්දි ඒඩන්ට ඒක රෙකෝඩ් කරන්න ආසාවක් තිබුනෙ නෑ.....ඒත් හිතට නැගුන ක්ෂණික සිතුවිල්ලක් නිසා ඒඩන්ට හිතුනා ඒ පර්ෆෝම් එක අදාළ පාර්ශවය අනිවාරෙන්ම දකින්න ඕනේයි කියල .....

CAROL 🌼Where stories live. Discover now