0000

764 29 10
                                    

නිරුවත් දෙපා අතරට පොඩි වෙන වියලි කොළ රොඩු , සිනිදු අත පය අනුකම්පාවක් නැතුව සිදුරු කරමින් බිදි යන අතු රිකිලි, කළුවර නිහැඩියාවා බිදින රැහැයයියන්ගේ සද්දෙට නොදෙවෙනිව ළඟ ළගම ඇහෙන දඩ බල්ලන්ගේ ගිගුරුමට එකතු වුන නපුරු කටහඬවල්

නවතින්න බෑ.

" තව හයියෙන් දුවන්න ඕනි "

" ම~ මට මහන්සි "

" සුදු බොලේ අනේ තව ටිකයි මාව අල්ලන් ඉන්න "

යන්තම් අවුරුදු අටක් වෙච්චි කොලුවෙක් තාමත් සය අවුරුදු වෙන තවත් පොඩි කොලු ගැටයෙක් අල්ලන කෑලි කැපෙන කළුවර අස්සෙන් ඉමක් කොනක් නොපෙනෙන ඝන කෑලෑවක ගිනි පෙලෙල්ලෙන් බැට කාපු මුර්ගයන් වගේ තාමත් පස්සෙන පන්නන නරුම රැලකගගෙන් බේරෙන්න වාරු ගිලෙහෙන්න ඔන්න මෙන්න තියන දෙපා තව තව වාරු කරන් දුවමින් උන්නා.

නමුත්

තුවාල සීරීම් නිසා ලේ ගලන අත්, පැය බාගෙකට වඩා නොනැවතී දුවපු අවුරුදු හයේ පුංචි කකුල් වලට තවත් දරා ගන්න බැරි නිසාම එන්න එන්න ගමන බාල වුනා වගේම ඇඟ කිලි පොලන් යන දඩ බල්ලන්ගේ ගිගුරුම් තව තවත් ලං වෙලා තුබුනා.

ඒ නරුම රැලට අහු උනොත් දෙන්නගෙම ජීවිතේ අනතුරේ වැටෙනවා කියලා තේරුන වැඩිමල් කොලුවා පොඩි එකාවත් ඇඳන ගිහින් ළඟ තිබුන ගල් තලාවකට මුවා වුනා.

වෙන කිසිම දෙයක් ගැන පැහැදිලි අදහසක් නැති පොඩි එකා දැනෙන බයට වගේම තුවාල වල වේදනාවත් දරා ගන්න බැරුව අඬන්න පටන් ගත්ත.

" ෂ්ෂ්!!! සුදු බොලේ අඬන්න එපා, මෙහෙම ඉන්න. "

පොඩි කොලුවගේ පුංච් අත් දෙකම කටට තද කරලා, ළග ළගම ඇහෙන කටහඬවල් වලට කන් දුන්න අවුරුදු අටක් වුන කොලුවා සුසුමක් පිට කෙරුවා,
වෙන කරන්න දෙයක් නෑ සුදු බොලේ හරි බේර ගන්න ඕනි.

" සුදු බෝලේ , අයියා ඉක්මනට එනකල් මෙතනම ඉන්න සද්ද කරන්න එපා කවුරු කතා කරත් එලියට එන්න එපා මං එනකල් ඉන්න තේරුනා නේද? "

කටට හිරවෙල තියන පුංචි අත් නිසා ඉකියක් පිට කර ගන්න බැරුව හිටපු පොඩ්ඩගේ කනට කොදුරපු ලොකු කොලුවා තමන්ගේ කරේ දන්න දා ඉදන් තියන කලු නූලක එල්ලෙන කුරුසය ගලවලා පුංචි එකාගෙ අතේ ගුලි කරේ රකින්න පුළුවන්ද කියලා විස්වස නැති වුනත් දීපු පොරොන්දුවට හිලව්වට වගේ, වෙන කරන්න දෙයක් නෑ. මට බැරි වුනත් ඔයා හරි මේ අපායෙන් ගැලවෙන්න ඕනි බෝලෙ.

|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්) Where stories live. Discover now