දිවා කාලයේදී ඉතා කාර්යබහුල මං මාවත් රාත්‍රියේ සීත උදා වීමත් සමග ජන්ශූනය වන අයරීන්වුඩ් නගරයෙහි හුදකලා කොනක පිහිටා ඇති නගරයේ ජීවත් වන සාමාන්‍යය ජනතාවගෙන් වසන් වූද එම නගරයේ මෙන්ම රට පුරාම වෙසෙන ධනපතීන්ගෙන් හා මුදල් යහමින් ඇති මධ්‍යම පාන්තියකයන්ගේද සුපුරුදු නවාතැනක් පලක් වූද සුප්‍රසිද්ධ සමාජ ශාලාවේ "CLOUD9 " ලෙස සටහන් කර තුබූ නාමපුවරුව නිල් සහ රතු වර්ණ වලින් බැබලෙමින් තිබුනේ එහි එන ඕනෑම අයෙකු පිළිගැනීමට මෙන් එළිය විහුදුවමිනි.
සමාජ ශාලාව ඉදිරිපස වූ වාහන නවතන අංගනයෙහි තම Ducati Diavel වර්ගයේ යතුරුපැදිය නැවතූ රෙන් ඉන් බැස ගත්තේ තම වම් උරහෙසෙහි එල්ලෙමින් තිබෙන බෑගයද අතැතිවයි. බෑගයේ තරමක් ඉරී ගිය කොටසක් නෙත ගැටෙන විට පැය කිහිපයකට පෙර මුහුණ දීමට සුදු වූ අනපේක්ෂිත සිදුවීම යලි මතකට නැගුණ රෙන් හට නිතර හැගීම් විරහිත තම මුවගට සිනහවක් පහල වූයේ මන්දැයි ප්‍රශ්ණයක් වුවද එවැනි සිද්දීන් හරහා දිගින් දිගට සිතුවිලි රැගෙන යාමට පුරුද්දක් නොවූ රෙන් බෑගය අනෙක් උරයට මාරුකර ගනිමින් සමාජ ශාලාව දෙසට ඇදුනේ ඇතුල්වන ස්ථානයේ සිටි කලු ඇදුමින් සැරසි මුරකරුවන් දෙදෙනා දෙසද තැකීමක් නොකරයි.
ඇතුලු වන කිසිවෙකු පරික්ශා කිරීමකින් තොරව ඇතුලු කර ගැනීම ඔවුන්ගේ නීතියට පටහැනි වුවද පෙර ලැබුණු අණ පරිදි රෙන්ව පිළිබඳ ඔවුන් ප්‍රශ්න නොකලේ මේ වන විට මුක ආවරණය ඉවත් කර තිබූ බැවින් ඈත සිටම පැමිණෙන්නේ ඊවන් පැවසූ පුද්ගලයා බව ඔවුන් හඳුනා ගත් බැවිනි.
මින් පෙර අසා පමණක් තිබූ තම ස්වාමියා වන කාර්ලෝගේ ව්‍යාපාර වල හදවත බදුවූ මෙම සමාජ ශලාවට පලමු වරට ඇතුලු වූ රෙන් තමා ඉදිරියෙහි ඇති නුහුරු නමුත් නවීනපන්නයේ සිත් ඇදගන්න අකාරයෙන් නිමවා තුබූ වටපිටාව ගැනද විමසිලි දෑස් යොමමින් ඊවන් පැවසූ පරිදි සිව් වන මහල කරා ගමන් කරේ තමා මෙතෙක් නොදුටු නමුදු හොදින් අසා ඇති සියල්ලන් මාස්ටර් නමින් හඳුන්වන තම ස්වාමියාද පලමු වරට මුණ ගැසෙන අටියෙනි.
මත්පැන් වලින් මත්වී දාහය නොතකා සිරුරු එකිනෙක අතුල්වමින් වාදනය වෙමින් පවතින වේග රිද්ම සංගීතයට රැඟුම් පාන මත්වූ ගැහැනුගෙන් හා පිරිමිගෙන් පිරී ගිය පළමු මහලද,
YOU ARE READING
|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්)
Mystery / Thriller" උඹ කව්ද? " " මම? මම උඹේ මාරයා " I Rage like a fire bomb Burn like a pyre Rage like a fire bomb Burn it's what I'm built to do Even if I die, It's my time now, I'll make it my fight, It's my time now, Even if I die, It's my time now, I'll make it a...