0018

72 14 18
                                    


තැනින් තැන පළුදු වී ඉරි තැලී රුධිරය වහනය වෙම්න් තිබූ සිරුර වැසෙන්නට හැද සිටි කලු පැහැ හුඩියේ සාක්කු වලට අත් ඔබා ගනිමින් නැවතූ යතුරුපැදියේන් බැස සිය වත්මන් නවාතැන වූ කාර්ලෝගේ නිවසේ තමට හිමි නිදන කාමර පිහිටි ස්තානය කරා මේ වන විට අතරමං නොවී යාමට තරම හුරු පුරුදු පටු බිම් මාර්ගය හරහා යමින් සිටි රෙන් අහම්බෙන් කන වැටුන සැක කටයුතු හඩන් නිසා අසල වූ බිත්තියට මුවා වූයේ ,කෙමෙන් ලං වන ඉක්මන් අඩි තබන හඩේ අයිතිකරු කවරෙක්දැයි පිරික්සීමටයි.

" වැඩි දුර යන්න විදියක් නෑ බලපන් ඉක්මනට "

මෙහිදී රෙන් හට මුණ ගැසුන තම සගයා වන  මිට්සූගේ හුරු පුරුදු කටහඩද ලගින්ම ඇසෙන විට  කිසියම් යමක් සිදුවේයැයි සැක කල රෙන් තම ඉනෙහි රඳවාගෙන සිටි පිස්තෝලයද පිටතට රැගෙන මුවා වි සිටි බිත්තියෙන් ඉවත්වී පිටතට ඒමට සැරසුනද ඒ සමගම නොසිතූ ලෙස පැමිණි අයෙකු රෙන්ගේ සිරුරේ ගැටීම නිසා රෙන් අත් රැඳි පිස්තෝලය ඉවතට විසිව ගියේ, රෙන්ගේ සිරිරෙහි ගැටුන සැහැල්ලු සුදු පැහැ ගව්මකින් සැරසී සිටි තරුණිය මෙන්ම රෙන්ද ඒ දෙස ඔවුන්ගේ බැලම යොමන අතරයි.

රෙන්ට සිතීමට හෝ කාලයක් නොතබා එම තරුණිය විසිව ගිය පිස්තෝලය අහුලා ගත්තේ ඇගේ දුර්වල වී ඇතැයි කිව හැකි දෑතින්ම එය අල්වා රෙන් දෙසට දිගු කරමිනි.

" රෙන්!! අල්ල ගනිම් ඕකිව "

"  ල- ලගට එන්න එපා! මං වෙඩි තියනවා "

වෙව්ලුම් කන දෑතම කැටි කොට පිස්තෝලය තමා දෙසට දිගු කරගෙන සිටින තරුණිය , රෙන්ව දැකීමෙන දුර සිටම කෑ ගැසූ මිට්සුගේ හඩට ප්‍රතිචාර දැක්වූයේ , රෙන් සිය දැත් ඔසවා යටත් වන බව හගවන අතරයි.

රෙන්ටද පිටුපසින් හබා ආ මිට්සු දෙසටද මාරුවෙන් මාරුවට පිස්තෝලය තරුණිය දිගුකලේ මිට්සුද ඔහු අත වූ පිස්තෝලය ඇය වෙත් එල්ල කරන අතරයි.

" උඹ ඕක බිම දානවද නැත්තම් මෙතන මැරුම් කනවද? "

" හෙල්ලෙන්න එපා, නරුමයා! මාව රැවැට්ටුවා... උඹට ආදරේ කරපු නිසාද මිනිහෝ මාව මෙහෙම නරා වලකට ගෙනත් දැන්මේ?? පා*රයා "

|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්) Where stories live. Discover now