0016

69 15 11
                                    


පාසල ආරම්භ වීමේ සීනුව නාද වීමට තප්පර කීපයක් පමණ තිබුයදී හති දමමින් දිව ආ නේතන් ඔහුගේ මුහුණට ගේට්ටු පියන් වැසිමට සැරසුන විනය භාර ගුරුතුමාව පසු කර ගේට්ටුවෙන් ඇතුලු වූයේ මුවට ගත් ජයග්‍රාහී සිනහවෙන් ගුරුතූමාට ආචාර කිරීමටද අමතක නොකරමින්

නේතන්ව නයාට අදුකොල බදු වූ විනය බාර ගුරුතුමා අතවූ වේවැල උලුක් කොට තමා හට සම්ච්චල් සිනහවක් පා දිව ගිය නේතන්ට සාප කලද ඒ කිසිවක් නෑසුන අයුරින් දිව ගිය නේතන් නතර වූයේ දුව ආ පිම්මෙන්ම පංතියට ඇතුලු විමට සැරසුනද ඒ සමගම පිටතට ආ නෝවාගේ ඇගේ වැදිම නිසයි.

" අම්මෝ ඔයාට නම් අස්ස කුලප්පුව නේද?"

" අයියෝ සොරි සොරි අව්ලක් නෑ නේ?"

නෝවා කාගේ කව්ද යන්න දැන් ගත් පසු ඔහුට සාමාන්‍ය පංතියේම සගයෙකුට ආකාරයෙන් සැලකිය හැකිද යන්න පිලිබද කුකුසක් වූ බැවින් නේත් දෙවරක් නොසිතා නෝවාගෙන් සමාව ගඔයාත්තද සුපුරුදු කරුණාවන්ත සිනහවෙන් නේත්ට  සංග්‍රහ කල නෝව හිස සැලුයේ ඔහුට ප්‍රශ්නයක් නොමැති බව හැගවීමටයි.

" ප්‍රින්සිප්ල් සර් ඊයේ කීවට ඔයාලා මාව ඉස්කොලේ පෙන්නන්න එක්ක ගියේ නෑනේ "

නේහා නෝක්කාඩු ස්වරයෙන් එසේ කීවේ මේ වන විටද පංතියේ වාඩිගෙන සිටි ජිහාන්ද ඔවුන් දෙසට ඇවිද එන එතරයි.

" ඔයාට යාලුවො හම්බේලා හිටි නිසා අපි හිතුවේ එයාල එක්ක යන්න ඇති කියලා "

මගදිම නෝවා පැවසූ දෙය කන වැකුන ජිහාන් නේත් වෙනුවට පිලිතුරු සැපයූයේ නෙත්ද ඊට එකග වෙමින් නේහා දෙස බලා සිටින අතරයි.

" අනේ මට යාලුවෝ හම්බ වුණේ නෑ එයාලා මාත් එක්ක නිකම් කතා කරා විතරයි. ඒකත් මම නගරාධිපතිගේ පුතා කියලා දැන ගත්ත නිසා. ඒ අයගෙන් වැඩක් නෑ ඔයාලට බැරිද මාව ඔයාලගේ යාලුවෙක් කර ගන්න?"

බලාපොරොත්තු නොවූ ලෙස නෝවා  පැවසූ දෙය නිසා නේතන් සහා ජීහාන් මුහුණින් මුහුණ බලා ගත්තේ එයට ලබා දිය යුත්තේ කෙනම් පිළිතුරකඳ යන්න දෙදෙනාටම නොවැටහුන බැවිනි.

නමුත් සිනා මුසු මුහුණින් හා බලාපොරොත්තු සහගත දෑසින් ඔවුන් දෙස බලා සිටින නෝවාගේ සිත රිදවීමට තරම් මිතුරන් දෙදෙනාටම සිත් නොවූ බැවින් වචන් රහිතවම එකග තාවකට පැමිණි මිතුරන් දෙදෙනා හිස සැලූයේ නෝවා ඔවුන්ගේ මිතුරෙකු කර ගැනීමට කැමත්ත පල කරමින්.

|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්) Where stories live. Discover now