0010

64 15 15
                                    


නගරයේ සියල්ලන් බොහෝ දිනක සිට ඇගිලි ගනිමින් සිටි අයරීන්වුඩ්හි ඩයමන්ඩ් ජුබිලිය සැමරීමේ උත්සවය උදා වීමත් සමග නගරයේ සියලුදෙනා තම එදිනෙදා කර්‍යබහුල ජීවිත වලට මදක් සමුදී තමන් හැදී වැඩුන නගරයේ සංවත්සරය සැමරීමට නගරයට ලගා වෙමින් උන්නා.

මාර්තාට හදිසියේ ඇතිවූ කකුල් කඩිත්තුව හේතුවෙන් ඩේවිඩ්ද සිය ආදරණීය බිරිඳ හැරදා සතුටු වීමට යාමට පැකිලුණ හෙයින් නේත් පමණක් සිය මිතුරා සමග උත්සවය පවත්වන ස්ථානයට යාම සදහා සූදානම් වෙමින් වුවා.

" නේත් ජීහාන් එක්කම ඉන්න ඕනි තේරුණද? හුගක් රෑ වෙන්න කලින් ආපහු ගෙදර එන්න "

" හයියෝ අම්මා දැන් ඕක කීවෙනි පාරටද කියන්නේ? මම පරිස්සමට එන්නම් අනේ රොගර්ත් එනවනේ බය වෙන්න එපා "

" රෝගර් එන්නේ එයාගේ රාජකාරි කරන්න මිසක් ඔයා එක්ක නෙවෙයිනේ දරුවෝ. "

" හරි හරි අනේ. බය වෙන්න එපා කෙල්ලේ මං පරිස්සමට එනවා "

මාර්තාගෙන් මෙන්ම ඩේවිඩ්ගෙන්ද උපදෙස් මාලවක් අසා සිටීමෙන් පසුව නේත් සිය පා පැදියේ නැගී නගරය වෙත ගියේ තම මිතුරා වන ජීහන් එහිදී මුණ ගැසිමේ අරමුණින්.

" අම්මෝ නේත් මෙහේ මෙච්චර මිනිසුන් ඉන්නවාද ? "

" නෑ මේ ඊයේ රෑ කසකස්තානෙන් ගෙනත් බාපු සෙට් එකක්. මෝඩ කතා කියන් නැතුව යන් "

" අතාරින්න නම් එපා පුතෝ අයේ ඉතින් හොයනවා බොරු "

මේ වන විටද විවිධ මෝස්තර ඇදුමින් සැරසුන කාන්තාවන් පිරිමින් හා ළමුන්ගෙන් නගරයේ මං මාවත් පිරී ඇති දෙස බලා පසෙකින් සිය පා පැදි නැවතූ මිතුරන් දෙදෙනා මං මාවත් බදු ගෙන තිබූ පිරිස අතරට එකතු වූයේ සිය දෑත්ද එකිනෙක පටලා ගැනීමට අමතක නොකරමින්.

පහන් කූඩු මෙන්ම විවිධ වර්ණ වල විදුලි බල්බ ‍යොදා වර්ණවත් කර තිබූ මං මාවත් නගරයේ උත්සවශ්‍රීය තවත් ඔප් නංවා තිබුනා. පසු කරමින් යන කඩ වීදී හා නේක සැරසිලි වල සුන්දරත්වය විදිමින් තරුණයන් දෙදෙනා උත්සවය පැවැත්වෙන එළිමහන් පිටිය කරා ලගා වුවා.

|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්) Where stories live. Discover now