0019

57 14 11
                                    

" බුඃ බුඃ ~ "

"නෝවා මේ බල්ලව එහාට ගන්න අනේ ජීහාන් බේර ගන්නකෝ මේ බලු නකුටා මගේ කකුලේ එල්ලිලා "

" බුඃ! "

" නේත් දගලන්න එපා , ඔයා දගලන නිසා එයා ඇගේ එල්ලේන්නේ "

කුඩා කල සිටම බල්ලන් හට දැඩි බියක් දක්වන නේතන් නෝවා සමග පැමිණ සිටි ඔහුගේ සුරතල් බලු පැටවා දැකීමෙන් පසු කලබල වුයේ ඔහුගේ කලබල ගතිය ඉව වැටුන බලු පැටවා නෝවාගේ ග්‍රහනයෙන් මිදී නේත් වෙත දිව ගියේ නේත්ගේ දැගලීම් සෙල්ලමට ආරාධනාවක් ලෙස වරදවා වටහා ගනිමිනි. 

" අයියෝ ටුටූ මෙහෙ එන්න මොකද ඔය කරන්නේ මං ගහනව දැන් දෙකක්"

නේත් බිය වී ඇති ආකාරය දැකීමෙන් කලබල වූ නෝවා නේත්ගේ කකුලේ එල්ලෙමින් සිටි බලු පැටවා වඩා ගත්තේ ඌට තරවටුවක් කිරීමටද අමතක නොකරමිනි.

" නේත් ඔයාට ප්‍රශ්නයක් නෑ නේද? ටූටූ හැපුවෙ නෑනේ? "

" නැහ්~ "

" අනේ නේත් ඔයා අඩනවද ඔය? "

" නැහ්~ "

ඇතිවූ බිය නිසාම ඇසට වුණා තිබු කදුලු පිස ලමින් නේත් පැවසුයේ ඔහුගේ නව මිතුරා ඉදිරියේ එවන් දුර්වල කමක් පෙන්වීමට අකමැත්තෙනි.

" ඉක්මනට යමු මේ වෙලාවට සිකුරුටි මාමා හොද ඇලට් එකක් දානවා එයා ඇහැරෙන්න කලින් ගිහින් එමු "

ජීහාන් හා නෝවා පසු කරමින් පය ඉක්මන් කල නේත් එසේ පවසන් විට මිතුරන් දෙදෙනාද ඔහු පසු පස ගියේ සෙනසුරාදා දිනයක් වූ බැවින් අද දිනය ඔහුන් මද කලක සිට සැලසුම් කර තිබූ යමක් ඉටු කර ගැනීමටයි

"   ගනන් ගන්න එපා නේත් පොඩි කාලේ ඉදන් බල්ලොන්ට මාර බයයි, ඕක තව ටික වෙලවකින් හරි යයි "

නෝවා තම සුරතලා කැටුව පැමිණීම පිලිබද කනගාටු වන බව දැකීමෙන් ජීහාන් එසේ පැවසුයේ ඔහුගේ කර වට අත යොමා සනසන අතරයි.

පාසල් විදුහල්පතිවරයා වන ජිහාන්ගේ පියා , නගරාධිපති වන නෝවාගේ පියාද නගරයේ ධනවතෙකුගේ විවාහා උත්සවයකට සහාභාගි වීම සදහා පිටත්ව ගිය බැවින් ලද අවසරයෙන් විදුහල්පති කාමරයේ යතුරු කැරැල්ල සොරා ගත් ජීහාන්  ඔවුන්ගේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අදාල ඔහුගේ කාර්‍ය වැඩිම කොටස මේ වන විටද සම්පුර්ණ කර තිබුණි.

|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්) Where stories live. Discover now