ඊවන් විසින් තමා හට ලබා දුන් ත්‍යාගය නිසි සේ විද ගැනීමට ඉඩ කඩ නොලත් තැන සමාජ ශාලාවෙන් පිටවී නැවත තම නවාතැන වන සුරදූතයින්ගේ නිවහන වෙත යාමට පැමිණි රෙන් හට නොසිතූ ලෙස නැවතත් ජූඩ් මුණ ගැසුණේ , ජූඩ් විසින් බීමතින් සිටි සමාජ ශාලාවට නිතර දෙවේලේ පැමිණෙන සාමාජිකයෙකුව වත්තම් කොට ඔහුගේ මෝටර් රථය වෙත ඇරලාවා නැවත සමාජ ශාලාව වෙත පැමිණෙන අතරතුරයි.
ජූඩ් දැකීමෙන් මුවගට සිනහව ගත් රෙන් ඔහු ඉදිරියෙන් නතර වූයේ ජූඩ්ද පුදුමයෙන් රෙන් දෙස බලා සිටියදී. Cloud 9 හී සියලු දෙනා අතර ප්‍රසිද්ධ වුවද ඉතා සුලු තරයකට පමණක් ලගා විය හැකි මිල අදිකම හස්ලර් ( hustler ) වූද ඩේසි සමග රැය ගත කිරීමට වරම් ලැබී තිබූ තරුණයා හොරාවක් හෝ ගත වීමට පෙර තමා ඉදිරියේ සිටින්නේ ඇයි දැයි ජූඩ් හට සිතා ගත නොහැකි වූවා.
" මේ ඉන්නේ මං හෙව්වා "
" මාව?"
" ම්ම් "
" ඇයි?"
ජූඩ්හට පිළිතුරු බඳිනවා වෙනුවට ඕනෑම අයෙකු වසග කර ගත් හැකි සරාගී බැල්මකින් ජූඩ් දෙස බැලූ රෙන් අද දිනයේ දෙවන වරටද රෙන් නිසා රතු වී ගිය ජූඩ්ගේ කොපුලකට අත තබා කන්පෙති වල ගෑවෙන නොගෑවෙන් අයිරින් සිය දෙතොල් රැගෙන ගියේ එම පහසට ජූඩ්ගේ සියලගම වෙව්ලා යන විටයි.
" පාකින් එකේදී විනාඩි දහයකින් මාව හම්බෙන්න. මතකනේ විනාඩි දහයයි මම ඉන්නේ "
ජූඩ්ගේ කනට කොදුරා එසේ පැවසූ රෙන් එතනින් පිටවගියේ ඈත සිට වුවද තමා දෙස යොමු වී ඇති ආරක්ෂක නිළධාරියාගේ දෑස් ලෙසද ඇස් අගින් බැල්මක් යෙදූ පසුවයි.
රාජකාරි වෙලාවෙහි මෙලෙස පිටත කාලය ගත කිරීමට නොහැකි වුවද රෙන් දෙසත් සමාජ ශාලාවකට ඇතුල් වන ස්ථානයේ සිටින ආරක්ෂකයා දෙසත් මාරුවෙන් මාරුවට බැලූ ජූඩ් ඊලග මොහොතේ තම අත බැද සිටි ඔරලෝසුව වෙත ගෙන ගියේ මේ වන විටද ගෙවී ඇති විනාඩි තුනට සාප තබමින්.
තවද කාලය විඩංගු නොකොට ආරක්ෂක නිළධාරියා වෙත ඇදුන ජූඩ් ඔහුට යමක් පවසා ඒ පින්මෙන්ම සමාජ ශාලව පිහිටි භූමියේ කොනක වන්නට පිහිටා තිබූ විශාල වාහන නවතන අංගනය වෙත දිව ගියේ රෙන් ලබා දුන් විනාඩි දහය වැයවීමට පෙර ඔහුව මුණ ගැසීමේ අටියෙනි.
![](https://img.wattpad.com/cover/370499341-288-k749751.jpg)
YOU ARE READING
|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්)
Mistero / Thriller" උඹ කව්ද? " " මම? මම උඹේ මාරයා " I Rage like a fire bomb Burn like a pyre Rage like a fire bomb Burn it's what I'm built to do Even if I die, It's my time now, I'll make it my fight, It's my time now, Even if I die, It's my time now, I'll make it a...