0017

67 15 15
                                    


පැලද සිටි කලු පැහැති හිස් ආවරණය මදක් පහතට කොට සම්පූර්ණයෙන් තම මුහුණ ආවරණය වන අයුරින් සකසා ගත් නේතන්, නුහුරු වටපිටාව සිතට ගෙන ආ තැති ගැන්මේ ප්‍රතිපලයක් ලෙස යන්තමින් වෙව්ලුම් කන සිය දෑත පැළඳි සිටි ජැකට්ටුවේහි සාක්කු තුල ඔබා ගත්තේ සිතට ආරුඩ කර ගත් නිර්භීතකම සමග ඒවා මිටි මොලවා ගනිමිනි.

පෙර දිනක පාසල අසලට පැමිණි රෙන් අතින් ගිලිහුණ දැන්වීම් පත්‍රිකාවේ සදහන් වූ තැන අපහසුවෙන් වුවද සොයාගෙන අදාල වෙලාවට විනාඩි දහයකට පෙර පැම්ණි නේතන් ඔහු අසලින්ම් එහා මෙහා යන හැඩි දැඩි පිරිමි වත්සුන් තවරාගත් ගැහැණු මෙන්ම ඉතා සාමාන්‍ය යැයි කිව හැකි තරුණ මහලු බොහෝ දෙනා ඔහුව පසුකොට යම් දොරටුවකින් ඇතුල් වන දෙස නේතන් තවත් මොහොතක් බලා සිටියේ ඔහු ගත් තීරණයේ හරි වැරදි පිළිබඳ තවත් වරක් තරාදිය දෙපස දමා කිරා බැලීමට අමතක නොකරමින්. එසේ සිදු කල පලමු වර මෙන්ම වැරදි පස බිමට පතිත වන තරම් වුවද හිතුවක්කාර ඔහුගේ සිත එය නැවත් වරක් නොසලකා හැරීමට කටයුතු කලා.

ජීහාන් හට කෙතරම් මෙම ගමන ඔහු හා පැමිණීමට ඇවිටිලි කරද සිය මිතුරා පළමු වරට ඉතා දැඩි ලෙස නෙත්ගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ නේතන්වද මෙම ගමන් නොඑන බවට පොරොන්දු කරවා ගනිමිනි.

එසේ කිරීමට හේතුව වූයේ නගරයේ බොහෝමයක් නීති විරෝධී ක්‍රියා සිදුවන ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධ වූ ස්තානයක ලිපිනය සදහන් දැන්වීම් පත්‍රිකාව මෙන්ම එහි සදහන් කර තිබී " Win or Die " සටන් තරගාවලිය පිලිබදවද ජීහාන් හට කිසිදු සුභවාදී සලකුණක් නොපෙනුන බැවිනි.

නමුත් නේත් හට සිට ප්‍රතම හාදුව සොරා ගත් කඩවසම් තරුණයා පිලිබද වූ කුතුහලය මෙම ගමනෙහි අවදනමට වඩා විශාල වශයෙන් දැනුන බැවින් සිය මවට මිතුරෙකුගේ උපන්දින සාදයකට යන වග පවසා නිවසින් පිටව ආවේ ඒ ගමනට ජීහන්ද එකතු වන බව ඔවුන්ට පවසමිණි.

රාත්‍රී අටේ කණිසමට ආරම්භ වීමට නියමිත තරගය නැරඹීමට තුන්සීයකට් පමණ අධික පිරිසක් මේ වන විටද පැමිණ තිබූ අතර නේතන්ද ඇතුල්වීම් ගස්තු ගෙවා සෙනග අතරින් රිංගගෙන සටන් වළල්ල හොදින් පෙනෙන පලමු පේලියක සිට ගත්තේ රැස්ව සිටි පිරිස ඉතා සූළු මොහොතකින් ඇරඹීමට නියමිත සටන වෙනුවෙන් ඉතා උද්‍යෝගයෙන් ගෝශා කරන අතරයි.

|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්) Where stories live. Discover now