1. හමුවක් 💗

5.2K 252 213
                                    


" දැන්වත් ඕක මෙහෙට දීපන් පගෝ... "

" උඹ අහවල් එකටද මට කකුල දික් කරන් ආවේ. අද ගෙදර යනකන් ඔහොම යමන්. "

" හු#පන් උඹ. "

" ඉපදුණු ගමන් කුණුහරප කියන එකෙක් දැකල තියේද ? දැකලා නෑ... හව් සෑඩ්... එහෙනම් බලාගන්න. අපේ Birthday Boy කේශූ. මූ ඉපදුණු දවසෙම කුණුහරප කියනව නෙමේ විදිනව."

නහුතෙට මල පැනලා අයේෂ්ව අල්ලන්න එක කකුලක ෂූ එකයි අනිත් කකුලේ මේස් එකයි විතරක් දාගෙන වේගෙන් ඇවිදින මගේ ගාවට දුවගෙන ආව ලෙහාන් මගේ වේගෙටම ඇවිදින ගමන් මාව Video කරන්න ගත්තා. ගොන් ආතල් දැමීමේ සීමාවක් නැති හරිම ආදරණීය යාළුවෝ සෙට් එකත් ලබන්නත් සෑහෙන පිං කරන්න ඕනේ ! ලබ්බ තමයි. ලෙහාන්ගේ කැමරාවට මිඩ්ල් ෆින්ගර් එක පොයින්ට් කරපු මම මගේ අළුත්ම ඩෙක් එකට පාර දිගේ පයින් ගගහා යන අයේෂ්ට ඉන්නේ පාරෙ කියන එකත් අමතක කරලා හොදම වචනෙන් ඇමතුවා.

අද දවස ගැන කිව්වොත් අද සැප්තැම්බර් පළවෙනිදා. අපේ අම්මිගෙයි තාත්තිගෙයි එකම දරු සම්පත මෙලොවට පහළ වෙලා අදට අවුරුදු දහ අටක්. ඉතින් අද උදේ ඉදන් මගේ පරම පිවිතුරු ලව් දෙක , අවුරුදු දහතුනක් තිස්සේ ගහගෙන මරාගෙන හරි එකට ඉන්න මගේ කල්‍යාණ පාප මිත්‍රයෝ දෙන්නා එක්ක කොළඹ පුරා රවුම් ගහපු මම දැන් මේ පයින්ම රේස් කෝර්ස් එකේ ඉදන් නිදහස් චතුරස්‍රේ පැත්තට යන ගමන්.

උදේ එළියට බැස්ස වෙලේ ඉදන්ම කන්න අරන් දුන්නත් දැන් මුන් දෙන්නට Arcade Zambar එකෙන් drink එකක් නොදා ගෙදර යන්න බෑ ගාලා මැරෙන්න හදනවා. දැන් මන් ඕක අරන් නොදුන්නොත් මේ පගයෝ දෙන්නා ඊළග Birthday එක වෙනකන්ම ඕක ගැන කියවනවා.

කොච්චර කෑ ගැහුවත් අයේෂ් ෂූ එක නොදෙන නිසා ඌගේ පස්සෙන් පන්නන එක නැවැත්තුව මම ඕන මගුලක් කියලා ලෙහාන් එක්ක හිමින් හිමින් නිදහස් චතුරශ්‍රේ ඇතුළෙන් arcade එක පැත්තට ඇවිදන් යන්න පටන් ගත්තා. එක අතකට මූ ෂූ එක ගලවල ගත්ත එකත් සාධාරණයි ඉතින් .

Restaurant එකේ waiter කොල්ලා ලස්සනයි ගගා මම මැරෙන්න ගිය නිසා මූ ඒ කොල්ලගෙ මූණටම මම ඌට කැමතියි කිව්වනේ.. මෙහෙමයි ඉතින් ලස්සනයි කියන එක වෙනයි කැමතී කියන එක වෙනයි ආදරේ කියන එක වෙනයි . කොහොම හරි අයේෂයගේ කතාවට මට තද වෙලා ඌට පයින් ගහිද්දි තමා මේ පගා මල මැනලා මගේ ෂූ එක ගලව ගත්තේ.

දෙ ඇස් 💗 Where stories live. Discover now