16. 💗

1.2K 162 172
                                    

" කවුරු දිහාද ඔයා ඔය බලන් ඉන්නේ සුදු බබා... බැක් කැම් ඔන් කරනවා ! මේ දැන්ම ! "

මස්සිනාගේ කටේ සැරට මගේ දිහා බලන් හිටිය පොඩ්ඩයි ක්‍රිශා ආන්ටියි දෙන්නම ගැස්සිලා යද්දි මමත් දිගටම බයවෙලා ඇස් දෙකත් ලොකු කරගෙන ඉන්න මගේ කොල්ලගෙ මූණ දිහාම බලාගෙන හිටියා. කේළම් කියන්න ගිහින් හරිනේ ඉතින් ඔය කරගත්තා...

ඒත් එක්කම ෆෝන් එක මේසෙ උඩට වට්ටපු කොල්ලා ඉඳන් හිටිය පුටුවෙන් නැඟිටල මන් ගාවට දුවන් එද්දි මාත් පුටුවෙන් නඟිටල මගේ ඇඟට පැන්න කොල්ලව තුරුල් කරගත්තා. ඇයිද මන්දා මට මේ මස්සිනාකාරයට පොඩ්ඩක් වත් බය හිතෙන්නෑ... මස්සිනා ක්‍රිශා ආන්ටිට මගේ පොඩ්ඩට රිද්දයි කියන බයකට මම පරිස්සම් වුණත් මූ මාව හොයන් ඇවිත් ගහලා මරලා යයි වගේ බයක් මට ඇති නොවුණා.

එදා ඇවිත් ඕකා මට සද්දෙ දාපු වෙලෙත් මන් කට උත්තර නැතුව ගල් වෙලා හිටියේ පොඩි යක් පැටියා මාව දන්නෑ කිව්ව නිසා මිසක් ලොකු අයියණ්ඩිට තිබ්බ බයකට නන් නෙමෙයි. මට හිතෙන්නෙම ඔය සද්ද දැම්මට මස්සිනා මේ අනිත් මිනිස්සු බය වෙලා ඉන්න තරම් බය වෙන්න පොරක් නෙමෙයි කියලාමයි. මන් හරිද වැරදිද දන්නෑ මන් හිතන්නේ මට හිතෙන දේ...

ඒත් එක්කම ක්‍රිශා ආන්ටිගේ ෆෝන් එක රින්ග් වෙන්න ගනිද්දි කොල්ලා මගේ ටී ෂර්ට් එක මිරිකන් හිටිය අත් දෙක තවත් තද කරා.

" කේශු බබා ඉක්මණට උඩ කාමරේට ගිහින් දොර ලොක් කරගන්න. පොඩිම සද්දයක් වත් කරන්න එපා. අපි උඩට එනකන්ම පහළට එන්නත් එපා. තරූ බබා එන්න මේ කෝල් එක ආන්ස්වර් කරන්න. දැනටම අයියට කේන්ති ගිහින් ඇත්තේ... "

" කෝ... නෙතූ... අයියට කතා කරලා එන්නකෝ.. යශ් අයියා බබා කතා කරලා එනකම් උඩ ඉඳන් බලාගෙන ඉන්නම්.. "

" මට බයයි... අයියා බනියි... "

" කේශු බබා... හොඳ පුතා වගේ උඩට යන්න. මේ කෝල් එකත් කට් වුණොත් නන් සර් මොනවයෙන් මොනා කරයිද දන්නෑ. "

මගේ ලොකුකමටත් , මගේ මැණිකගේ බයටත් වඩා මේ ගමන මම ආවෙම ක්‍රිශා ආන්ටිව බිල්ලට දීලා කියලා මතක් වුණු නිසා මන් ආන්ටි කියන දේ අහලා මගේ කොල්ලගෙ නළලින් ඉක්මන් හාදුවක් තියලා බය වෙන්න එපා කියලා කියන ගමන් පඩිපෙළ නැගගෙන කාමරේට ගියා. මේ නිශ්ශබ්ද ගෙදර අඩියක් තිබ්බත් කෝල් එකේ ඉන්න කෙනාටත් සද්දෙ ඇහෙන බව විශ්වාසයි.

දෙ ඇස් 💗 Where stories live. Discover now