25. 💗

922 158 197
                                    

" ම්ම්හ්හ්... ආහ්හ්... "

මම ඉන්නේ කොහෙද ? වෙලාව කීයද ? වුණේ මොකක්ද ? කියන්න මට සිහියක් නෑ... ඒ අස්සේ ඔළුවට පරාල ඇණ ගහල වගේ රිදෙනවා.

මගේ කොල්ලා හොඳටම බය වෙලා ඇති. අම්මියි තාත්තයිත් මාව හොයනවා ඇති.

"ආව්ව්... "

ගෙරි මස්සිනා මන් තෝව කනවා...

තාම ඇස් ඇරගන්නත් බැරි තරම් අමාරුවෙන් හිටිය මන් පොඩ්ඩක් ඇඟ හෙලෙව්වත් හරි මුළු සර්වාංගෙම රිදෙන්න ගත්තා. දවසක මන් තමුසෙට මේවට රිටන් එක දෙන්නේ නන් මගෙ පොඩි එකාවත් එකතු කරගෙනම තමයි. හිපාටු මස්සිනා.

මොනා වුණත් මස්සිනාගෙන් කාපු කෑම මතක් වෙද්දි කට පරිස්සම් කරගත්ත නන් මෙච්චර කන්න වෙන්නෙ නෑ කියලත් හිතෙනවා. අනිත් අතට ඉතින් ඔය යකා කොහොමත් කෙලලා අරින එකේ කියන්න ඕන ටික කියලා දාපු එකත් හොඳයි. තාම මට ඇස් ඇරගන්න බෑ ඇස් වල ඉඳන් මගේ මුළු ඔළුවම දනවා. හිතන්නත් බෑ බොලව් මොළේ ගලවලා අයින් කරන්න තරම් ඔළුව රිදෙනවා.

ඒත් මට දැනෙනවා දැනෙනවා වගේ මන් දැන් ඉන්නේ ගුටිකාලා වැටුණ පොළවේ නෙමෙයි. කොන්දටත් හෙන පහසුයි. මෙට්ටයක් වගේ. පොඩ්ඩක් ඉන්න බලන්න. මන් මැරිලා දිව්‍යලෝකේ වත් ආවද ? මේ ඉන්න තැන කොතන වුණත් ඒසී ‍රූම් එකක ඉන්නවා වගේ සීතලකුත් දැනෙනවා. හරියටම ඉන්න තැනක් දැනගන්න මගේ හිත බල කරපු නිසා අමාරුවෙන් වුණත් මන් හිමින් හිමින් ඇස් දෙක ඇරගත්තා. උඩ සුදු සිවිලිමක්. කොහොම වුණත් මන් දැන් ඉන්නේ ගුටි කාලා වැටුණු තැන නම් නෙමෙයි කියන්න විශ්වාසයි. මොකද එතන කළුවර ගුහාවක්.

අත එහෙ මෙහෙ කරලා හාන්සි වෙලා ඉන්න තැන අල්ලලා බලන ගමන් ඇස් කරකවල වටපිට බලද්දි මට තේරුණා ඉන්නේ ඇඳක් උඩ කියලා. රූම් එකේ ජනෙල් කර්ට්න්ස් දාලා වහලා. ඒ වුණාට රූම් එකේ දාලා තිබ්බ ලයිට් එක වුණත් ඇස්වලට ලොකු අපහසුවකුත් නෑ.

මේ වගේ තැනක මන් ඉන්නවා කියන්නේ මස්සිනා මට අභය දානය දෙන්න තීරණේ කරලද ? අද කවද්ද ? ඒ දවසමද ? පැය කීයක් මන් සිහි නැති වෙලා හිටියද ? මේ කොහෙද ? මගෙ කොල්ලා මොනා කරනවද ? අම්මිලා සිද්ධිය දැනගෙන ඇත්ද ? හිතේ ආයෙ ආයෙම කැලතෙන ප්‍රශ්න කෝටියයි.

දෙ ඇස් 💗 Where stories live. Discover now