2. වචනයක් 💗

2.5K 289 205
                                    


පයින් ඉස්සරහටම ඇවිදන් ගිය සූටි Arcade එකට යන්න පාර මාරුවෙන තැනින් නැවතිලා පාර දෙපැත්ත බැලුවා. කොල්ලට වඩා අඩි පහ හයක් පස්සෙන් ආව මම පාර මාරුවෙන් දෙපැත්ත බලන සූටික්කගේ එහා පැත්තෙන් ගිහින් හිටගත්තා. මෙච්චර වෙලා පාර දෙපැත්ත බල බල හිටිය කොල්ලගෙ ඇස් මගේ කකුල් දෙකෙන් නතර වෙද්දි මන් අඩි ඉස්සරහට තියල පාර මාරු වුණා. නිකමටවත් ඔළුව උඩට ඉස්සුවෙ නැති සූටියා මන් තියන අඩි දිහා බලාගෙන පාර මාරු වුණත් මගේ ඇස් දෙක නන් තිබ්බේ සූටියගේ නිල් මල් ගියපු Transparent කුඩේ උඩ . කුඩේ transparent නිසා කුඩේ යටින් මට වඩා අඩියක් විතර කොට කොල්ලගෙ මූණ මට පැහැදිලිවම පෙව්නා .

පාර මාරු වෙලා ඉවර වුණු ගමන් මන් කවුද කියන එකවත් නොබලා කොල්ලා සෑහෙන වේගෙකින් ඉස්සරහට ඇවිදන් ගියා. මාත් ආයෙම ගැප් එකක් තියාගෙන පිටිපස්සෙන් යන්න පටන් ගනිද්දි Arcade එක ඇතුළට යන ගමන් කුඩේ අකුළල අතට ගත්ත කොල්ලා Bubbluscious එක පැත්තට ඇවිදන් ගියා. අපේ සෙට් එකේ bubble tea පෙරේතයා තමා ලෙයියා. මොනා වුණත් මන් වෙනුවෙන් ආව මගේ එවුන් දෙන්නට නොදී බොන එක හරි නැති නිසා නෑ ඒක නිසා නෙමේ මන් තනියෙන් බොනවා දැක්කොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැති නිසා මම එතන බිත්තියට හේත්තු වෙලා කොල්ලා bubble tea එකක් අරගෙන එනකන් බලාගෙන හිටියා.

කොල්ලා මිනිස්සු ආශ්‍රේ කරන්න බයයිදත් මන්දා.. හරිම කලබලෙන් වගේ හැසිරෙන්නේ. සල්ලි දෙන්න ගියාම මාරම කලබලෙන් ඩෙනිම් සාක්කු හතර අතගෑව කොල්ලගෙ මූණ අමුතු බයකින් පිරුණා. සල්ලි නැති කරගෙන වගේ.. ගෙදරින් එළියට බහිනකොට කාඩ් එකයි , ෆෝන් එකයි විතරක් සාක්කුවට දාගන්න මම කොල්ලා ඉන්න අපහසුතාවේ දැකලා සාක්කුවෙන් කාඩ් එක එළියට ගන්න ගමන් අඩියක් ඉස්සරහට තිබ්බත් කලබලෙන් සයිඩ් බෑග් එකේ ෂිපර් ඇර ඇර බලපු කොල්ලා සයිඩ් පොකට් එකේ තිබ්බ පහේ කොළයක් අරගෙන බයෙන්ම වගේ කැෂියර් එකට දුන්නා. ඉස්සරහට තිබ්බ අඩිය එහෙම්ම පස්සට තිබ්බ මම මගේ සූටි බට්ටව ආයෙ ආයෙ ස්කෑන් කරා.

මගේ කොට බට්ටගේ අත් දෙකේ ඇගිලි තුඩු පවා ලා රෝස පාටයි. උපරිම සැපට හැදෙන කොළු බට්ටෙක් කියල නන් දැක්ක ගමන්ම පේනවා. කොහොමත් Life partner කියන topic එක ගැන හිතන කතා කරන හැම වෙලේම මට ඕන වුණේ මගේ class එකේම කෙනෙක් ජීවිතේට එකතු කරගන්න. රණ්ඩු වෙලා , අඩාගෙන , මරාගෙන , සැක කරගෙන , වෙන්වීගෙන කරන ලව්... එව්ව්... මට සෙට් නෑ. මට ඕන වුණේම ස්මූත්ලි ගලාගෙන යන ලවක අයිතිකාරයෙක් වෙන්න. ඒ වගේම මන් මගේ partner මෙහෙම වෙන්න ඕන කියලා බලාපොරොත්තු වුණ ලුක් එකක් පවා තිබ්බා. ඒකත් මගේ සූටිය එක්ක එකසිය ගාණට matching. දැන් ඉතින් කොල්ලගෙ වචනේ තමා ඕනේ... සූටිය දිහා බලාගෙන මනෝපාරක් ගහපු මම කොල්ලා ආයෙ මේ පැත්තට එන්න හැරෙද්දි පියවි ලෝකෙට ඇවිත් ෆෝන් එකට මූණ ඔබා ගත්තා.

දෙ ඇස් 💗 Where stories live. Discover now