තුරුල් වෙලා නිදන් ඉන්න නෙතූ කේශු දෙන්නා දිහාවට විනාඩි ගාණක්ම වැටිලා තිබුණු ඇස් කේන්තියෙන් ගිනි ගන්න ගමන් තිබුණා. සපත්තු අඩි සද්ද නොඇහෙන තරම් බර අඩි පොළවට තියලා ඇඳ ගාවට ලං වුණු යෝෂිත අහිංස , තවත් පැහැදිලි කරනව නම් නෙත්රු අභිංසගේ එක කුස උපන් සහෝදරයා ! මේ ලෝකේ නෙත්රු නමින් ජීවත් වන එකම ලේ නෑයා ! chloroform තවරපු ලේන්සුව කේශුගේ නහයට තද කරන්න අත උස්සද්දි ඒ තප්පරේම කේශු නින්දෙන් ඇහැරුණා.ඇස් ඇරෙන පමාවට තමන්ගේ වටිනම වස්තුව කේශු තවත් තදින් තමන්ගේ ඇඟට තුරුළු කරගෙනම තමන්ගේ ප්‍රේම කතාවේ පරම හතුරා විදියට දකින මනුස්සයා එක්ක පොර බඳින්න අතක් ඉස්සුවත් මොකද ඇහි පිල්ලමක් ගහන වේගෙට කේශුගේ ඇස් පියවිලා ගියේ යෝෂිතගේ ඇස් නෙත්රුගේ බඩ වටේ එතිලා තියන කේශුගේ අත් විනාස කරන තරමේ බැල්මකින් බලන් ඉද්දිමයි.
chloroform තැවරනු ලේන්සුව පිටිපස්සට දික් කරන පමාවට යෝෂිතගේ ගාඩ් කෙනෙක් ඇවිත් ඒ ලේන්සුව තමන් අතට ගද්දි යෝෂිත කේන්තියෙන් නෙත්රුගේ ඇඟ වටේ එතිලා තිබුණු කේශුගේ අත ඇදලා අයින් කරා. ඒ එක්කම නෙත්රුට කෙඳිරි ගෑවුණත් කොල්ලා නින්දෙන්ම තවත් ටිකක් කේශුගේ ඇඟට හේත්තු වුණා.
පිටිපස්ස නොහැරීම තමන්ටත් වඩා උස මහත ගාඩ්ස්ලා දෙන්නෙක්ට ළඟට කතා කරපු යෝෂිත කේශුව උස්සලා ගන්න කියලා ඒ මිනිස්සු දෙන්නට අතින් සංඥා කරද්දි ගාඩ්ස්ලා දෙන්නත් කේශුව කාමරෙන් එළියට උස්සගෙන ගියා. කෙඳිරිගාන ගමන් යශ් අයියගේ උණුහුම හොයන නෙත්රුට ටෙඩි බෙයා කෙනෙක් ලං කරලා බෙඩ් ශීට් එකත් හරි ගැස්සුව නෙත්රුගේ අයියා කොල්ලගේ නළලටත් හාදුවක් දීලම කාමරෙන් එළියට ගියත් කොල්ලට කෙඳිරි ගෑවෙන්න තරම් තදින් බඩ පුරා ඇඳුණු කේශුගේ නියපොතු පාර නම් යෝෂිත නොදැක්කා.
නෙත්රුගේ කාමරේ දොරත් ලොක් කරන් යෝෂිත පහළට එද්දි ක්‍රිශා ආන්ටි ගෙයි දොර පාමුල බිම වැටීගෙන අඬ අඬ හිටියා. ඒ ඇඬුම් ගණනකට නොගත් යෝෂිතගේ ගාඩ්ස්ලා දෙන්නා කළු KDH එකක් ඇතුළට කේශුව දාද්දි ඒත් එක්කම තනි කළු ඇඳන් හිටිය තවත් මිනිස්සු දහ දෙනෙක්ට වඩා වෑන් එකට නැඟලා දොරවල් ලොක් කරගත්තා.
YOU ARE READING
දෙ ඇස් 💗
Non-Fictionනුඹේ ඇස් මා දැකලා... නුඹ ළගටම ආවේ 💫 Taekook Nonfiction (TopKook) Cover credit goes to: - Miku_Sasuke 2024.06.16