පොඩ්ඩව බාතෲම් එකට එක්කන් ගිහින් අත හෝදගන්න කිව්ව මම ඊළගට තව පැය බාගයක් විතර කොල්ලට අස්සක් මුල්ලක් නෑර මගේ මාළිගාව පෙන්නුවා. සැපත් වෙන්න කලින් කුමාරයා වුණත් රාජධානිය ගැන දැන ගන්න එපැයි.
" නෙතූ සෙල්ෆියක් ගහමුද ?"
" සෙල්ෆියක්. හැබැයි යශ් අයියේ ඔයා ගාව විතරක් තියාගන්න හොදද ?"
" ම්ම්ම්... හොදයි. කෝ.. මෙහෙ බලන්න. "
ඇදේ මගේ එහා පැත්තේ ඉදගෙන මගේ certificate file එක බලන ගමන් ඉන්න කොල්ලවයි මාවයි පේන්න phone එක උස්සල අල්ලන ගමන් මම කියද්දි කොල්ලා phone එක දිහා බලලා ඇස් සූටි කරලා හිනාවුණා. මන් එක දිගට photo පනහක් විතර ගහගෙන යද්දි කොල්ලත් හිනා වෙවී එක එක ඇක්ෂන් වලට මාරු වුණා.
" කෝ... ළගට එන්නකෝ. "
කොල්ලගෙ ඉණ වටෙන් අත දාලා ළගට ඇදලා ගත්ත මම මගේ කම්මුලක් සූටියගෙ ඔළුවට තද කරගෙන අන්තිම සෙල්ෆි එක ගත්තා . හනේ... ඒ ෆොටෝ එක නන් පට්ටම කියුට්. මගේ සුදු බෝල ගෙඩියගේ පිරුණු කම්මුල් දෙකයි සූටි කරන දුඹුරු ඇස් දෙකයි. මට හෙන ලෝභයි අම්මී...
කොල්ලා ආයෙම file එකට අවධානේ දෙද්දි මම අපි තුන් දෙනාගේ whatsapp group එකට මගෙයි සූටිගෙයි අන්තිමට ගහපු photo එක ශෙයාර් කරලා ඩේටා ඕෆ් කරා.
" යශ් අයියේ.. අපි පහළට යමු නේද ? අම්මි තනියෙන්නේ.. "
" අම්මි උයල කතා කරයි නෙතූ.. "
" ඒ වුණාට අම්මි පව්නේ යශ් අයියේ.. මම නන් ග්‍රැනී උයන වෙලාවට එයා ළග..ටම වෙලා ඉන්නවා. "
" මගේ හිත හොද චූටි මහත්තයා. පහළට යමුකෝ එහෙනම්. "
මම අතින් කොල්ලගෙ කොණ්ඩෙ අවුල් කරද්දි ඇදෙන් බැස්ස කොල්ලා ෆයිල් එක මේසේ උඩින් තියලා මිරර් ටේබල් එක ළගට ගිහින් කොණ්ඩෙ හදාගත්තා. අපි පහළට එනකොට අම්මි පුඩිමක් හදන ගමන් හිටිය නිසා කොල්ලා දුවගෙන ගිහින් අම්මිගෙ එහා පැත්තෙන් හිටගන්න ගමන් අම්මි කරන වැඩේ දිහා වුවමනාවෙන් බලාගෙන හිටියා.
" ආවද දෙන්න. මම හිතුවෙ නින්ද ගිහින් ඇති කියලා. "
" නිදාගත්තේ නෑ අම්මි. අපි යශ් අයියගෙ මාළිගාව බැලුවා. "
YOU ARE READING
දෙ ඇස් 💗
No Ficciónනුඹේ ඇස් මා දැකලා... නුඹ ළගටම ආවේ 💫 Taekook Nonfiction (TopKook) Cover credit goes to: - Miku_Sasuke 2024.06.16