දේහ වර්ණ ලඟ භාවනාවක් වාගේ ඔයරූ
දැක්කත් මා දුරින් නිවෙන්නම් මා ඉතින්හීන පාරාදීසේ ඉන්නම් මා
නුඹ එනකල් මං ආදරෙන්
ඕ... ඉන්නම් ආදරීලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා
උණුහුම නොදැනෙම්ද නුඹ රැඳුනු දාඑන්න යන් මා නොපෙනූ තැන් දිහා
සඟවගෙන ආලේඑන්න එක්කං යන්නම් මං
එන්න එක්කං යන්නම් මං" සුදු පුතා. "
සූටි හම්බෙලා ගෙදර ආව මම JBL එකෙන් කාමරේ දෙදරන්න සිංදුවක් දාගෙන කුකීස් බොක්ස් එකත් පපුවට තුරුළු කරගෙන ඇදේ හාන්සි වෙලා මනෝ ලෝකෙක සැරිසරන්න ගත්තා. මගේ මියුසික් ටේස්ට් එක ගැන කිව්වොත් රැල්ලට ආව නහයෙන් අඩන සිංදු ඇරෙන්න ඉංග්‍රීසි , සිංහල , හිංදි , දෙමළ , කොරියන් නොදන්න භාසා වල පවා හැම ජාතියෙම ඒව අහනවා. නහයෙන් අඩන ඒවට උනත් ආස නැත්තේ දැන් තමයි නැත්තන් ඒ කාලේ දිගු දෑස එහෙම කාලා වැමෑරුවා... එව්ව්... දෑස කිව්වම සූටිව මතක් වෙනවා අනේ... ඒත් ඒව දිගු දෑස් නෙමේ බෝල දෑස්. මගේ බෝල ගෙඩියා...
දොර ඇරන් අම්මි කාමරේට එද්දි මනෝ ලෝකෙන් එළියට ආව මම සිංදුව නවත්තලා ඇදෙන් වාඩිවුණා. කතා කරන්න ගත්ත දවසෙ ඉදන් අම්මි කියලා අවුරුදු දහ අටක් වෙලත් තාමත් මට අම්මට කියවෙන්නේ අම්මි කියලා. මේකට වග කියන්න ඕන එකම පුද්ගලයා තමා මගේ තාත්තා. එයාගේ සුදු අම්මිට තියන ලව් එකට මටත් අම්මි කියන්න පුරුදු කරේ ඒ සුදු තාත්ති තමයි.
" Kitchen එකටම ඇහෙනවා සද්දේ.. මොකක්ද ඔය අතේ තියෙන්නේ. "
අම්මි ලස්සන හිනාවක් එක්ක ඇවිත් ඇදෙන් ඉදගනිද්දි මාත් අම්මිට විතරක් පේන්න දාන කියුට් හිනාව එක්ක දත් ටිකම විරිත්තල හිනා වුණා.
" රස බඩුවක්. වැඩිය දෙන්න බෑ ඕනනම් එකක් දෙන්නම්. චොක්ලට්ද ? වැනිලද ?"
ජීවිතේ පලවෙනි වතාවට මම දේකට ලෝබකම් කරනව ඇහුණු නිසාද මන්ද අම්මි පුදුමෙන් මගේ දිහා බැලුවා. ඒත් ඊළග තප්පරේම අම්මිගෙ මූණටත් සෙල්ලක්කාර හිනාවක් ආවා.
" මම බලාගෙන දැන් ටික දවසක ඉදලා වෙනම ලෝකෙක ඉන්නේ. සුදු පුතාගේ සුදු නෝනද මේවා හැදුවේ. "
YOU ARE READING
දෙ ඇස් 💗
Sachbücherනුඹේ ඇස් මා දැකලා... නුඹ ළගටම ආවේ 💫 Taekook Nonfiction (TopKook) Cover credit goes to: - Miku_Sasuke 2024.06.16