19. 💗

919 133 105
                                    

" යශ් අයියේ... "

" බෝලේ... "

" යශ් අයියා ලොකු වැඩක්ද ?"

Phone Holder එකේ රඳවල තිබ්බ ෆෝන් එකට ආව video Call එක answer කලත් කොල්ලා දිහා නොබලම ගාණක් හද හද හිටිය මම කොල්ලා දුකින් කතා කරනව ඇහුණු නිසා පෑන මේසෙන් තියන ගමන් ෆෝන් එකට එබුණා.

" Timing තියලා paper එකක් කරන්න ගත්තා මැණික. "

" තව ගොඩක් වෙලා තියනවද යශ් අයියේ... "

" ගණන් දෙකක් තියනවා බබා. තව forty minutes වගේ යයි. "

" යශ් අයියා වැඩ කරන්නකෝ. මන් බලාගෙන ඉන්නම්. මන් නින්දෙන් ඇහැරුණු නිසයි ගත්තේ... "

" වෙලාව කීයද බබා ?"

" එකයි හතළිස් හතයි."

" නිදිමතනන් නිදියන්න බෝලේ... "

" නෑ නෑ යශ් අයියා වැඩ ඉවර වුණාම මට කියන්නකො... "

සූටා ඒ කියල ඇඳේ පැත්තට පෙරලෙන ගමන් phone එක ටෙඩියෙක්ට හේත්තු කරා වෙද්දි මම ආයෙම පේපර් එක කරන්න ගත්තා. පැය බාගෙකින් වගේ පේපර් එක ඉවර කරපු මම වෙලාව බලද්දි පැය තුනේ accounting paper එක පැය දෙකහමාරෙන් කරල ඉවර කරලා තිබුණා. මේසෙ අස් කරන්නත් කලින් සූටට කතා කරන්න හිතන් මම ෆෝන් එකට එබුණත් මම වැඩ ඉවර කරද්දි මගෙ කොල්ලට ආයෙම නින්ද ගිහින්.

මගේ කොටි පැටියා... දැන් අහිංසකයා වගේ නිදාගත්තට මොකද ඊයේ දවසම නපුරු කුමාර් අල්ලපු ජල්ලිය මතක් වෙද්දි දුවන් ගිහින් ගුටියක් නෙමේ උම්මියක් දීලා එන්න හිතෙනවා. රණ්ඩු වෙන්නත් ඉතින් මේ කොලු පැංචට ඉන්නේ මම විතරනේ... කොල්ලා දිහා බලාගෙනම වැඩි සද්දයක් බද්දයක් නැතුව පොත් වහල මේසේ අස් කරපු මම ෆෝන් එකත් අරන් ඇඳට ආවා.

දවස තිස්සේ මහන්සි වෙලා ගෙදර එන හස්බන්ඩ් පිළිගන්න වයිෆ් පෙරේතයෙක් වගේ නැතුව ලස්සනට පිළිවෙළට ඇඳ පැළදගෙන දොර ගාවට ගියා නන් ඒ පවුල් ජීවිත , ආදරේ ආරක්ෂා වෙනව වගේ යැයි යැයි හෑලි මම ඕන තරම් Fb එකේ එහෙම දැකලා තියනවා. දැන් මන් හද පතුලෙන්ම ලව් කරන්න අරන් නිසාද මන්දා මට දැන් ඕව ඇත්ත කියලත් හිතෙනවා.

දවසම පණ යනකන් වැඩ කරාට පස්සේ මගෙ හිත නිවෙන්න... හිත සැහැල්ලු කරන් ඇස් දෙක පියාගන්න... මගේ පුංචි පැංචා දකින එක මට හොඳටම ඇති.

දෙ ඇස් 💗 Where stories live. Discover now