" පුතාගේ ස්ටඩීස් වලට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මදාරා සේනක එක්කත් මං මේ ගැන කතා කලා මේ ගැන රෙජිස්ට කරලා තියමු දැනට "අද අපේ ගෙදරට දේවක අංකල්ලා අවේ ලොකූගෙයි ශානි අක්කිගෙයි එන්ගේජ්මන්ට එක ගැන කතා කර ගන්න. අම්මාගේ මුලින් මේ ගැන වැඩි කැමැත්තක් නොතිබුණුත් අප්පච්චි දේවක අංකල්ලා එක්ක කතා කරලා අම්මාවත් මේවට කැමති කරවගෙන තිබුනා.
ශානි අක්කි ගැන අම්මාගෙත් අකමැත්තක් තිබුනේ නෑ කොහොමත් එයා මේ දේවල් වෙන විදිය නිසයි ලොකූ එක්කත් අමනාපෙන් හිටියේ. ඒ නිසා දේවක අංකල්ලා මේ ගැන කතා කරන්න එනවා කිවම අප්පච්චිගේත් විරුද්ත්වය
නති නිසා අම්මාත් ඒකට කැමති වුණා." ඔයාල හොද විදියක් බලලා කියන්නකො දේවක ඒ විදියට වැඩේ කරමු එහෙනම්, සේනකටත් හදිසියේ එන්න බෑනේ කොහොමත් "
" මදාරා ඒ ගැන බය වෙන්න එපා ඒ වැඩ අපි බලන්නම් , මේ දෙන්නා එකතු වෙලා කොහොමත් දැනටම පෑලෑන් කරගෙන තියෙන්නෙ මං නම් දන්න විදියට "
දැන් සෑහෙන වෙලාවක ඉදන් අම්මලගේ කතාව යනකොට මගෙ නම් සිහිය තිබ්බේ ඉස්සරහ ගේට් එක ගාව. සිහින තාමත් නෑ දැන් හවස හය හමාරත් පහුයි. වෙනදා එයා එන්න මෙච්චර වෙලා යන්නේ නෑ.
කොහේ ගියාද?අද දේවක අංකල්ලා මෙහෙ එනවා කියන්න එයා දන්නවා. එයත් මේ ගෙදරම ඉන්න නිසා ඉතින් මේ දේවල් එයා නොදැන කරන්න බෑනෙ.
ඔරලෝසුවේ කටු කැරකිලා විනාඩියෙන් විනාඩිය ගෙවෙනකොට , ඒ එක්කම වටේ පිටේත් එන්න එන්නම කළුවර වැටෙනකොට මට තවත් මෙතනට වෙලා ඉන්න බැරි උනා.
එතන හිටපු අයට එස්කියුස් කරලා මං එලියට ආවේ සිහිනට කෝල් එකක් ගන්න. කිප සැරයක් ට්‍රයි කරත් ෆෝන් එක රින් වෙලා කට් වෙනවා ඇරෙන්න එයාගෙන රෙස්පොන්ස් එකක් නෑ. මෙච්චර කෝල් ගද්දි ඇයි කියලා අහන්න වත් ආන්ස කරන්න බැරිද ? වෙලාවට එයාගේ වැඩ වලට කේන්තී මට, මං දන්න විදියට එයාට කැම්පස් එක ඇතුලෙත් ලොකුවට යාලුවො නෑ. මෙච්චර රෑ වෙනකල් කොහේ යන්න ඇත්ද?
තවත් බලන් ඉන්නේ නැතුව මං අයේ ගේ ඇතුලට ආවේ අම්මට කියලා සිහිනව හොයාගෙන එන්න යන්න හිතාගෙන.
YOU ARE READING
ඩැන්ඩිලයන් 💮 (Dandelion)
Romance" මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි " " මං දන්නවා " " අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී " මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද බං. .......................................................... සැඩ සුළ...