වසරකට පසු
" ඉතින් කියනවකො මෙහෙම ලස්සනයිද කියලා "
" ලස්සනයි ලස්සනයි පිටේ ගෝනියක් බැදලා නුවරඑළියෙ තේවත්තකට ගිහින් දාන්න හිතෙනවා "
" අනේ මේ බොරු කියන්න එපා හැමොම කීවා මට මෙහෙම ලස්සනයි කියලා "
" එයාලට මං ගානෙ විශන් කෙයා එකේ appointments දාලා දෙන්නද අහන්න "
" අනේ මේ මං තියනවා තමුසෙට කතා කරනවට වඩා වැඩ තියනවා මට මෙතන"
" තියපන් ඉතින් මං ඈ කෝල් ගත්තේ "
" නපුරුකම! "
විහගි ගස්සගෙන ඇවිත් කෝල් එක කට් කරපු විදියට මට තනියම හිනා, පිස්සු කෙල්ලෙක්. අද විහගිගේ school එකේ get together එකක්, කෙල්ල මේ ඒ පාටි එකට ඇවිත් ඉන්න ගමන් තමයි මට කෝල් කරේ එය dress කරලා තිබුනා south Indian විදියට ඉතින් විඩියේ කෝල් එකක් අරන් කැරකි කැරකි අහනවා ලස්සනද කියලා, බොරු කියන්න ඕනි නෑනෙ කෙල්ල ඇත්තටම ලස්සනයි ඒ විදියට, ඒත් කව්ද ඉතින් ඕවා කියන්න යන්නේ බොරුවට උඩ යනවා ඊලගට. පව් හැබැයි දුක හිතුනද දන්නෑ.
අවුරුද්දක් ගෙවිලා ගියේ හිතා ගන්න බැරි තරම් ඉක්මනට, අවුරුද්දේ මාස නමයක්ම ඒලෙවල් වලට යට වුනේ හුස්මක් ගන්න වත් වෙලාවක් නැති වෙද්දී ඒක ඉවර වෙලත් දැන් මාස තුනක් වෙන්න එනවා ඊලග මාසෙ අපේ results ඒවි, මගේ පහු ගිය අවුරුද්දම වගේ ගෙවිලා ගියේ මං ගෙදර හිටපු දවස් ගාන අතේ ඇගිලි ගානටත් අඩු කරලා, මං ගොඩක් වෙලාවට හිටියේ සහිරුවාගෙ ගෙදර, ඔයාලා බලනවද එකපාර විහගි කෙනෙක් ආවේ කොහෙන්ද කියලා ඒකට නම් සම්පුර්ණ වග කියන්න ඕනි සහිරු. අපි අන්තිම අවුරුද්දේ hall class අතෑරල දිගටම වගේ group class දාගත්තා සහිරුගේ ගෙදර ඉතින් ඒවට ව්හගිත් ජොයින් වුනා විහගි කියන්නේ සහිරුගේ අම්මාගේ හොදම යාලුවෙක්ගේ දුවෙක් උන් දෙන්නා අදුරන්නේ පොඩි කාලේ ඉදන්මලු මාත් පස්සෙ තමා ඕවා දන්නේ අරූ මට කලින් එහෙම එකක් කියලා නෑ. කොහොම හරි මේවා නිසා විහගි මමයි සෑහෙන ක්ලොස් වුනා යාලුවො විදියට, එයාගේ හිතේ මං ගැන කැමැත්ක් තියනවා කියන්න මං නොදැන හිටියා නෙවෙයි හැබැයි ඒකි කවදාවත් ඒ දේවල් හයි ලයිට් කරන් දගලන්න ගියේ නෑ එයා මටත් සැලකුවේ සහිරුට සලකන විදියටමයි හැබැයි ළඟදි ඉදන් මට විහගිගේ හැසිරීම් වල පොඩි පොඩි වෙනස්කම් නොතේරෙනවා නෙවෙයි.
YOU ARE READING
ඩැන්ඩිලයන් 💮 (Dandelion)
Romance" මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි " " මං දන්නවා " " අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී " මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද බං. .......................................................... සැඩ සුළ...