" පිස්සු හැදිලද මහත්තයා අසිහියෙන්ද වාහනේ එලවන්නේ තව පොඩ්ඩෙන් වැදෙනවා "මගේ නම කිය කිය අඩපු සිහිනව දාලා එන්න ආවත් මට අඩුම මීටර් දහයක් වත් යන්න පුළුවන් වුණ් නෑ. සැරින් සැරේ ශෙනාල් යන්න එපා මම ඔයා අසම කෑමත් හැදුවා කියලා එයා අඩන හැටි මගේ කන් වල දෝංකාර දෙනකොට තවත් අඩියක් වත් ඉස්සරහට යාගන්න බැරි වුණ මම එහෙමම බ්රේක් කරේ පිටි පස්සෙන් ආපු බයික් එක ගැන වත් වගක් නැතුව.
නොහිතපු වෙලාවක බ්රේක් කරපු නිසා ඒ බයික් එක කාර් එකේ වැදෙන්න ඔන්න මෙන්න තියෙද්දි එකේ හිටපු මනුස්සයා නතර කරගෙන තිබ්බ.
ඒ මනුස්සය කෑ ගැහුව වුණත් මම මොකුත් කීවේ නැත්තේ ඇත්තටම මම මේ වෙලේ මම ඉන්නේ සිහියත් අසිහියත් අතර වෙනම තැනක කියලා මටත් හිතුන නිසා.
ඒ මනුස්සය තව මොන මොනවද කියලා බැන්නත් මම කරේ කාර් එක ලොක් කරලා එහෙමම දාලා ආපහු සිහිනගේ බෝඩිං එක පැත්තට දුවපු එක, මේ අතුරු පාරේ කාර් එක හරව ගන්න තැනක් හොයා ගන්න වත් මට වෙලාව නාස්ති කරන්න ඕන වුණේ නෑ.
මම මෝඩයෙක් වෙන්නැති. ආදරෙන් අන්ධ වෙලා වෙන්නැති ඒත් මට බැරි වුණා තවත් ඒ ඇස් වල කදුලු වලට යටත් නොවී ඉන්න. මම දැන් පිස්සෙක් ගානයි. තමත් වැටෙන වැහි බිංදු වලටම මගේ කදුලු හේදිලා යනකොට පුළුවන් උපරිම වේගෙන් මම ආපහු සිහිනගේ බෝඩිමට දුවන් ආවා.
මම එනකොටත් මම එයාව දාලා ගියපු තැනට වෙලා එය තමත් ඉකි ගහනවා. මං හිතුවෙ ඔයාව මට නැති වෙන එක තමයි මට දාරාගන්නම බැරිම වේදනාව කියලා නෑ ඒක නෙවෙයි ඔයාගේ කදුලු මට ඊට වඩා රිද්දනවා. ඒක දැනගෙනද ඔයා මට මෙහෙම කරන්නේ?
දොර ළඟ බිම ඉදගෙන ඉකිගහන එයාට මං ලගට යනකල්වත් ඒ ගැන ගානක් නෑ. මම නැතුව වෙන කවුරු හරි ආවා නම්? තනියම ඉන්න වෙලාවට් ඇතුලට වෙලා දොර වහන් ඉන්න කියලා මං කොච්චර කියනවද? හිතුවක්කරකම.
බිම ඉදන් හිටපු එයාව ඇදලා අරගෙන මම එයාව ගේ ඇතුලට ඇදන් ගිහින් දොර වහලා එයාව වහපු දොරටම තද කරේ එයාට හිතන්නවත් කාලයක් නොදී.
" තනියම ඉන්න වෙලාවට මං මොකද්ද කරන්න කීවේ? "
" ශෙ-නාල් ?? "
YOU ARE READING
ඩැන්ඩිලයන් 💮 (Dandelion)
Romansa" මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි " " මං දන්නවා " " අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී " මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද බං. .......................................................... සැඩ සුළ...