හොස්පිට්ල් ඉඳලා ගෙදර එනකල්ම මගෙ උරහිසේ ඔලුව ගහන් හිටි සිහින කිසි කතාවක් නැතුව ආපු ගමන් එයගෙ කාමරේට දිව්වා, මාත් අම්මා එන්න කලින් ගිහින් වොශ් එකක් දාගන ආයේ පහලට ආවේ අම්ම කන්න කතා කරපු වෙලාවේ, මං යද්දී සිහින අම්මා එක්ක කෑම කනවා, අඩල නිසාද කොහෙද එයාට ලාවට හෙම්බිරිස්සාවක් හැදිලා , එයාගෙ මැලවිලා තියන මූන දැකලා අම්මා සැරින් සැරේ බෙහෙත් ගන්න ඕනද ඇහුවත් එයා ඕන නෑ කීව නිසා අම්මා කාලා ඉවර වෙලා එයාගෙ ඔලුවට තෙල් දාලා අතගෑවෙත් එපා කියද්දිමයි,ලොකූත් අම්මට කෝල් කරලා අද ගෙදර එන්න වෙන්නෙ නැති එකට හේතු දාහක් විතර කියලා තිබ්බ නිසා අම්මා ඒ ගැන මොකුත් කතා කරේ නෑ, දන්නවා නම් පුතන්ඩියාගෙ හපන්කම් අපිටත් එක්ක බැනුම් අහ ගන්න වෙනවා.
අපි කාලා බීලා ඉවර වුනාම අම්මා සිහිනවත් උඩට එව්වේ කලින් නිදා ගන්න කියලා, මගෙ පස්සෙන්ම උඩට ආපු සිහින එයාගෙ කාමරේට පහු කරන් මගෙ කාමරේ ලගට ඇවිත් නැවතුන නිසා මාත් දොර ළඟ නැවතුනා
" ඇතුලට එනවද? "
" මල්ලී පාඩම් කරන්න ඕනි නේද ? මං යන්නම් එක්කො "
එහෙම කියල ආපහු යන්න හැරුණ එයාව මං අතින ඇඳන් කාමරේට එක්ක ඇවිත් දොර වහලා දැන්මා , සිහිනත් මං කරපු දේට පුදුම වෙලා වගේ බලං හිටියා, ඇයි ඉතින් ඇතුලට එන්න ඕනි නිසානෙ එයාගේ කාමරේ පහු කරන් මගේ පස්සෙ ආවෙ.
" ඉදගන්න " එයාගෙ අත අතෑරලා මං ඇදෙන් ඉදගත්තේ එයාටත් එහා පැත්තට එන්න කියලා තට්ටුවක් දාන ගමන්, එයත් බුම්මාගෙනම අත් දෙකත් බැදගෙන ඇවිත් බොක් ගාලා ඇදෙන් ඉද ගත්ත පාර දෙන්නත් එක්කම බම්ප් වෙලා ගියා, හිනත් යනවා කරන වැඩ වලට.
" මොකද හිනා වෙන්නෙ? " සිහින ඇහුවේ මගෙ කනක් මිරිකලා, නහය බර නිසා එයාගෙ කටහඬ වෙනස් වෙලා හැබැයි එහෙම කතා කරද්දී කියුට් මට ඉතින් හිනා ගියා ඒකටත් කම්මුල් දෙක අදින්න හිතෙනවා දෙපැත්තට.
" ඔහොම කතා කරද්දී කියුට් "
" අනේ මේහ් පිස්සු ! "
එහෙම කීවට මොකද මං දැකලා කන් දෙකත් රතු වෙන්වා, ලැජ්ජා හිතිලනෙ ඉතින්
YOU ARE READING
ඩැන්ඩිලයන් 💮 (Dandelion)
Romance" මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි " " මං දන්නවා " " අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී " මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද බං. .......................................................... සැඩ සුළ...