Shenal POV,
" චූටි පුතා~ පහලට එන්න"
කියව කියව හිටපු පොත පැත්තක දාල මං පහලට ආවේ අම්මගෙ කෑගැහිල්ලට,
පහල සෝෆා එකේ හිටපු අමුත්තො දෙන්නව මං දැක්කෙ එතකොට, අම්මගෙ වයසෙ විතර ගැණු කෙනෙක් මට කට පුරා හිනා වෙද්දී ඒ ලගින් ඉදන් හිටි මගේ වයස වගේ පිරිමි ළමයෙක්, මාව දැක්ක හැටියෙ බිම බලා ගත්තා." මදාරාගෙ කපාපු පලුව වගේ නොවැ " අර ගෑණු කෙනා කියද්දි මං යන්තන් හිනා වෙලා අම්මා ගාවින් හිට ගත්තා.
" මූන විතරයි " අම්මා එහෙම් කීවෙ මගෙ කොන්ඩේ අව්ස්සන ගමන්, මං අම්මට රවලා එහාට වුනේ අර ගෑණු කෙනා මං දිහා බලලා හිනා වෙද්ද.
" පුතා මේ ඉන්නෙ සමනලී නැන්දා අම්මගෙ පොඩි කාලෙ හොදම යාලුවා, අර එයාගෙ පුතා සිහින අද ඉඳන් අපේ දිහා නවතිනවා " අම්මා එහෙම කියද්දි මට අම්මා දිහා බැලුනා මොකද එයා කලින් කවුරුත් අපේ ගෙදර නවතින්න එන කතාවක් මට කියලා තිබුනෙ නෑ,
" ඔයා පහුගිය ටිකෙ ගෙදර හිටියෙ නෑනෙ පුතා, අයියා දාන්න කැම්පස් ගිය වෙලාවක මට අහම්බෙන් තමයි සමනලී හම්බුනේ, සිහින පුතා කොළඹ කැම්පස් සිලෙක්ට් වෙලා එයාට නවතින්න තැනක් හොයන්න ඇවිත් තියෙන්නෙ, මං ඉතින් අප්පච්චිගේනුත් අහලා අපේ ගෙදර නවතින්න එන්න කීවා. අයියා නම් දන්නවා විස්තරේ, සිහිනත් අයියගෙ ෆැකල්ටි එකටම තමා සිලෙක්ට් වෙලා තියෙන්නෙ. "
අම්මා හේතු කියද්දි මං අහන් හිටියා, සිහින දිහා මං ආයෙත් පාරක් බැලුවා තාම ඉස්කෝලේ යන වයසෙ ළමයෙක් වගේ පෙන්නේ, බැලුවම කියන්න බෑ මට වඩා වැඩිමල් කියලා.
" වෙලාවෙ හැටියට ලොකු උදව්වක් මදාර කලේ මයෙ හිත දුන්නෙම නෑ සුදු මහත්තයා තනි පංගලමෙ තියන්ට, ඉපදුන දා ඉඳන් මයෙ අස්සෙ හැදුනා මිසක් ගමේ කොල්ලො කුරුට්ටො එක්කවත් ඇයි හොදැයිකම් පාන්ට ගිහින් නෑ නොවැ ගේ අස්සටම වෙලා.පොතේ ඇලිලා හිටිය එක තමා කරේ ඔන්න" තව මොනවද කියන්න ගියත් සිහින ලාවට කොනිත්තපු නිසාද මංදා සමනලී නැන්දා කට වහ ගත්තෙ සිහිනගෙ අතට තට්ටුවකුත් දාන ගමන් , අන්න ඒ පාර අම්මට රවනව තොලත් නොපිට පෙරලන් පෙනුම අහිංසක වුණාට අහිංසකම නැද්ද මංදා.
YOU ARE READING
ඩැන්ඩිලයන් 💮 (Dandelion)
Romance" මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි " " මං දන්නවා " " අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී " මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද බං. .......................................................... සැඩ සුළ...