Sihina's POVසීතලයි, මූදු හුලග මට මෙච්චර තදට දැනුනේ අද, මම මේ වෙලාවට මුහුදට ඇවිත්ම නෑ ඒ නිසා වෙන්නැති ඒක නුහුරුවට දැනෙන්නේ. ඒත් මං මෙතනට ආසයි මං හිතින් කොච්චර නම් මේ වගේ තැන් වල නිර්වාන් එක්ක ඇවිදලා ඇතිද? ඒ දේවල් ඇත්ත නොවුනා වුනත් මං මගේ මනෝ ලෝකේ එයා එක්ක ගෙව්ව හැම තප්පරේකටම අදරේ කලා. දවස් ගානක් ගෙවිලා ගිහිල්ලත් මට තාමත් බැරි වුනා එයා ගැන හිතන එක නවත්තගන්න. හැගීම් මරලා දාන එක ඒව ඇති කරගන්න තරම් ලේසි නෑ කියලා මං මේ ටික දවසට තේරුම් ගත්තා. හිත හරි බරයි මම මේ හැඟීමෙන් ගැලවෙන්නේ කොහොමද ?
" ඇතිද කෑවා? "
මං කකා හිටි කෝන් ඩෝග් එක පැත්තකින් තියනවා දැකලා ශෙනාල් ඇහුවේ මගේ අතට ටිෂූ එකකුයි වතුර එකයි දෙන ගමන්.
අපි හිටියේ ගොල් ෆේස් එකේ මුහුදු පැත්තට හදාලා තියන බංකුවක ඉදගෙන, ළඟ තුබුන කණුවල ලයිට් නිසා අපි හිටි තැනට එලිය තිබුනත් මුහුදු පැහැදිලිව පේන්න තරම් ඒ එලිය මදි. ශෙනාල් කන්න අරන් දුන්න කොත්තු මී එකයි නාන් රොටීයි මාලු වඩේයි ක්‍රිස්පි චිකන් එකයි ග්‍රිල්ඩ් ශ්‍රිම්ප්ස් ස්ටික් එකයි කෑවට පස්සේ අන්තිමට ඉතුරු වුනේ කෝන් ඩෝග් එක විතරයි. බොරුවට ළඟ සල්ලී නෑ කියලා මගේ තුට්ටු දෙකට විදින්න හැදුවේ මෙයා.
හැබැයි මං එයාලගේ ගෙදරින් යන්න ඕනි නිසා ඒ සල්ලි තියන් ඉන්නේ කීවම නම් මේ දුප්පත මං ගැන දුක හිතිලද කොහෙද කිසි කතාවක් නැතුව මං කියපු කියපු කෑම එක අරන් දුන්නා. බඩේ ඉඩ නැතත් අමාරුවෙන් හරි කෑවෙ කෑම අහක දාන්න හොද නැති නිසා. අපේ අම්මා කියලා තියෙන්නෙ බත් ඇටයක් වත් අහක දාන්න එපා කියලා, බත් ඇටයක් හරි විසි කරනවා නම් ඒක පුංචි සතෙකුට හරි ආහාරයක් වෙන්න කියලා හිතලා විසික් කරන්න කියලා. මං අහලා තියනවා සතෙකුට අහාරයක් දුන්නම ආනිසංස සීයක් ලැබෙනවා කියලා එතකොට මම විසින් කරපු බත් ඇට කීයක් නම් කූබි කන්න ඇද්ද ? එක බත් ඇටයක් කූඹි සිය දෙනෙක් කෑවෙත්? අනික කූඹි විතරයි ඈ ඉස්සර මං ගෙදර ඉන්න කොට හැමදාම කමලටත් කන්න දුන්නා. කමලා කියන්නේ ආතක් පාතක් නැතුව ඉඳලා අපේ ගෙදර නතර වෙච්චි කලු සුදු පූසා අපේ අම්මා එහා ගෙදර කමලා නැන්දා එක්ක තරහා නිසා එයාගේ නම තමයි පූසට දැන්මේ සමහර දාට කමලා එන්නේ සොමපාල එක්ක සෝමපාල කියන්නේ කමලා නැන්දගේ පුසා එයාට දැන්මේ කමලා නැන්දගේ හොර මිනිහගේ නම මං ඌටත් කන්න දෙනවනේ. එහෙම බැලුවම මගෙ පිං ගිණුම අවුරුදු ගානක් දින පතා හර වෙලානේ. එතකොට මං බැර කරන්න ඕනි පව් ගිණුමද? ඒක හරියට කරේ නැත්තම් ගාන බැලන්ස් වෙන්නේ නෑනෙ.
YOU ARE READING
ඩැන්ඩිලයන් 💮 (Dandelion)
Romantizm" මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි " " මං දන්නවා " " අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී " මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද බං. .......................................................... සැඩ සුළ...