Ashanya-1

238 8 12
                                    

"ආශාන්‍යා දුවන්නේ නෑ..!ඔහොම ඉන්නවා..!" ඉණ ගාවට වෙන්න තිබ්බ දිග කොන්ඩේ උඩට අල්ලලා ගැටයක් ගහපු සංජනා එයාගේ පුළුවන් උපරිමේට ඇගේ හය්ය දාලා දිව්වේ යාන්තමින් අවුරුදු හයක් පිරුන එයාගේ පුංචි දුව, ආශාන්‍යා පස්සෙන්.

උඩට ඇදුමකුත් නැතුව කකුල් තියෙන සුදු ජංගි කොටෙත් ගහගෙන උරහිස ළගට කඩා හැලිලා තියෙන කොන්ඩෙත් පද්ද පද්ද ආශාන්‍යාත් ගේ පුරාම දුවන්නේ අම්මගෙන් බේරෙන්න.

"කපටි කෙල්ල!!! හෙට ඉස්කෝලෙට ආවම ඉහේ ඉදන් ප-" ආශාන්‍යා තාම පුංචි නිසා කටට ආපු වචන ගිලගත්ත සංජනා හති අරින්නම කියලා පහල තට්ටුවේ ටීවී එක ඉස්සරහින් තිබුන සෝෆාවට හේත්තුවක් දාලා නැවතුනා.

මේ වෙලාවේ අම්මටත් හිනාවෙන ගමන් ආශාන්‍යා හිටියේ කෑම මේසේ උඩ නැගගෙන.

"ඉන්නවකෝ හෙට එන්න මන් පේරන්ට්ස් මීටින් එකට." මේ දෙන්නගේ මේ කලබලෑනියට හේතුව තමයි මීට සතියකට කලින් ආශාන්‍යා දෙක වසරේ කොල්ලෙක්ව බිම දමාගෙන ගහපු එක. එහා දවසේ අම්මයි තාත්තායි එක්ක එන්න කිව්වත් සතියක් පහුවෙලා ටීචර් ගෙදරට කෝල් එකක් දෙනකම්ම ආශාන්‍යා මේ ගැන ගෙදරට කිව්වේ නෑ. ඉතින් ඕක නිසා තමයි සංජනා පැය භාගෙකට ආසන්න වෙලාවක් නෝටි ආශාන්‍යා පස්සේ දිව්වේ.

"ඇය් ආශාන්‍යා ඔයා මට කිව්වේ නැත්තේ? අම්මා කියලා තියෙනව නේද ඔයාට අනික් අයට කරදර කරන එක නරක වැඩක් කියලා?? ඇය් අනේ ඔයා අම්මා කියන දේ-"

"මන් කලේ නරක වැඩක් උනත් අපිට ඉස්කෝලෙට ගෙනියන්න තාත්තෙක් නෑ නේ මමී...! ඒකය් මන් උයාට කිව්වේ නැත්තේ."

"තාත්තා නැති උනත් සීයා පප්පා ඉන්නවා නේ!" සංජනාගේ වාසනාවටද මන්ද සංජනාගේ තාත්තා මාකට් එකට ගිහින් ලොකු එළවලු බෑග් එකක් උස්සන් ගේ ඇතුලට ආවා.

තනි තට්ටුවක් වෙච්ච සංජනාගේ ගෙදර පුංචි සරල වුනත් ඒක ඇතුලට එන ඕනම කෙනෙක් ඇදිලා යන තරම් පිරිසිදුවට වගේම පිළිවෙලට සංජනා ගේ තියන් ඉන්නවා. ඉතින් ඒ නිසාම වෙන්න ඇති සීයා පප්පායි, නැනී අම්මයි නිතරම එයාලව බලන්න එන්නේ කියන එක තමයි පුංචි ආශාන්‍යාගේ මතය.

𝐀𝐬𝐡𝐚𝐧𝐲𝐚-Where stories live. Discover now