වයින් වීදුරුවකුත් අතේ තියාගෙන හේසරගේ අතේ තමන්ගේ අත පටලන් සංජනා හිටියේ කාගෙන්හරි හැංගෙන්න ලොකු උත්සහයක් දරමින්. මේකප් පොඩ්ඩක් දාලා ලා රෝස ලිප්ස්ටික් එකක් ඉලුවම කාටත් තමන්ව හොයාගන්න බැරිවෙයි කියන මෝඩ මතෙන් සංජනා එයාවම රවට්ටගත්තා.
ඒත් ඉතින් එයා දැනන් හිටියේ නෑ නේ මේ පාටි එකට රිද්ම එනවා ඇති කියලා!!!
මොකක්දෝ හේතුවකට සංජනාට රිද්ම එයා මෙහෙම හේසර එක්ක එකට ඉන්නවා දකින්න ඕන වුනේ නෑ. ඒත් මේ මුකුත් නොදන්න හේසර නම් සංජනාව තමන්ගේ අනාගත බිරිඳ විදිහට හදුන්වලා දුන්නේ හරි සතුටින්..
"කාවද ආපු වෙලේ ඉදන් හොයන්නේ?" හිස් ටේබල් එකකට සංජනාව එක්කන් ගිහින් එයාව වාඩි කරවපු හේසර ඇහුවේ විවේකයක් නැතුව හැමතැනම දුවන සංජනාගේ බැල්ම දැකලා.
"ක්ක්.. කාවත් නෑ.. පිස්සු ද?" සංජනා නෑ කිව්වත් එයාගේ ඇස් කාවමහරි හොයනවා කියන්න හේසර දන්නවා. ඒත් ඔෆිස් එකේ අය එහෙම සංජනා එක්ක දැන ඇදුනුම්කමක් ඇති කියලා හේසරට හිතුනේ නෑ.
"බයවෙන්න එපා මනූ..! මෙයාලා ඔයාව කන්නේ නෑ. ටිකකින් මගේ යාළුවො ඒවි එයාලගේ ගර්ල්ෆ්රෙන්ඩ්ස්ලා එක්ක. එතකොට මන් ඔයාට එයාලව අදුන්නලා දෙන්නම්කො එයාලා හොඳ කෙල්ලෝ ටිකක්."
"ම්ම්.." සංජනාට ඒක සැනසීමක් උනා. එයාගේ වටේට කවුරුහරි ඉන්න තරමට රිද්මගෙන් හැංගෙන්න එයාට ලේසියි.
හේසර කම්පැනි එකේ සී.ඊ.ඕ.ගේ දකුණු අත වගේ ඉන්න මනුස්සයා නිසා කාටත් කලින් එයාට සංජනාවත් එක්කන් පාටි එක තියෙන ලොකේෂන් එකට එන්න වුනා. මුල් විනාඩි දහය පහළොව නම් සංජනා ගානක් නැතුව හිටියා. මොකද ඒ වෙද්දී පාටිය තිබුන හොටෙල් එකට ඇවිත් හිටියෙත් හරිම අතලොස්සක් නිසා.
ඒත් ඉතින් තනි කළු සූට් එකේ එළිය වැදුනම විතරක් එන දිස්නේ එක්ක පපුව ගාවින්ම පොකට් එකේ රඳවලා තිබුන රෝස මලක් එක්ක හොටෙල් එක ඇතුලට ආපු රිද්ම කාගෙත් අවධානෙ දිනාගත්තේ පුරුදු විදිහටමයි.
"මනූ.. මන් බොසාව හම්බෙලා එන්නම්. ඔහොම්මම ඉන්න හරි ද? බොන්න කරන්න යන්න එපා බබා.."
YOU ARE READING
𝐀𝐬𝐡𝐚𝐧𝐲𝐚-
Randomමේකනේ අපේ ගෙදර ඔය ළමයි මරන් කාගෙන එයාලගේ වචනවලට ගරු නොකර ඉන්න සීන් නෑ නේ. එකෙන්ම හරි නිදහස් තැනක්. ප්රශ්න නෑ. හරි සිම්පල්!