තාම පුංචි ළමයි නිසා එච්චර පැමිණිලි කරලා තදේට කියන්න මුකුත් නොතිබුන නිසා හිතුවටත් වඩා කලින් දෙමාපියන්ගේ රැස්වීම ඉවර වුනා. ඉතින් ඊටපස්සේ අම්මලා තාත්තලා තමන්ගේ ළමයි එක්ක ක්ලාස් ටීචර්ව පෞද්ගලිකව හම්බෙද්දී දග ළමයි ටිකවත් අමාරුවෙන් පාලනය කරන් අම්මලා තාත්තලා අන්තිමට ටීචර්ව හම්බෙන්න හිටියා. ඉතින් අවාසනාවට ආශාන්යාත් ඒ ගොඩේ.
සීයා පප්පායි නැනී අම්මයි එන්නම් කියද්දීත් එපා එපා කියන ගමන් සංජනා ආපු නිසා ආශාන්යානම් ඉන්නේ තරහ ගිහින්.
එතකොට අපේ ආකාෂ්!? එයා කොහෙද හිටියේ කිව්වොත් එයා හිටියේ එයාගේ මාමා රිද්ම එක්ක ආශාන්යාත් සංජනාත් පිටිපස්සෙන්.
"ඒ ආකාෂ් කීයට ද මේක ඉවර වෙන්නේ?" රිද්ම අහද්දී ආකාෂ් දන්නේ නෑ කියන්න උරහිස් හැකිලුවා.
"මේ ඉස්සරහ ඉන්න කෙල්ල තමයි දෙකේ අය්යට බිම දාගෙන ගැහුවේ." ආකාෂ් ඕප්පේ කියද්දී ඉස්සරහ හිටපු සංජනාට ඇහුනේ නැති උනත් ඒක පුංචි ආශාන්යාට නම් ඇහුනා. ඉතින් පුංචි ආශාන්යා එයාගේ චූටි අත අම්මගේ අත්වලින් ගලවගන්න උත්සහ කරන ගමන් පිටිපස්සට හැරිලා ආකාෂ්ට රැව්වා.
"හුරතල් පොඩි එකියක්." රිද්මට ඉබේ කියවෙද්දී තමන්ට මරණ බැල්මක් දාපු කෙල්ල හුරතල් කිව්ව මාමාගැන ආකාෂ්ට ආවේ උස්සලා පොළොවේ ගහන්න තරම් කේන්තියක්.
"ආශාන්යාගේ අම්මේ.." ටීචර් සංජනාට කතා කරද්දී තමයි සංජනා ආශාන්යාගේ අත අතෑරියේ.
"මේ ළමයා බලන්නකෝ කරලා තියෙන දේ. හොඳ වෙලාවට ඒ කොල්ලගේ දෙමව්පියෝ හොඳයි. නැත්තම් මේ ප්රශ්න මෙහෙම ඉවර වෙන ඒවා නෙවෙයි." ටීචර්ගේ දේශනාව අහන් හිටිය සංජනාටත් පස්සේ හිතුනා අපරාදේ එයාගේ අම්මටයි තාත්තාටයි මේකට එන්න දෙන්න තිබුනේ කියලා.
කොහොමහරි ඒ දේශනාව ඉවර වෙලා සංජනා අමාරුවෙන් මවාගත්ත හිනාවක් ටීචර්ට දීලා ආශාන්යාව එක්කන් පැත්තකට ගිහින් ආශාන්යාගේ අවුල් වෙලා තිබ්බ කොන්ඩේ බිමට නැවිලා හැදුවා.
"මමීට සොරි වෙන්න ඕනේ.. ඒත් මගේ දුවට දෙයක් වුනාම අම්මා එන්න එපැයි." තාමත් තරහ වෙලා අහක බලන් ඉන්න ආශාන්යා සංජනාගේ මූණ නිකමටවත් බැලුවේ නෑ.
YOU ARE READING
𝐀𝐬𝐡𝐚𝐧𝐲𝐚-
Randomමේකනේ අපේ ගෙදර ඔය ළමයි මරන් කාගෙන එයාලගේ වචනවලට ගරු නොකර ඉන්න සීන් නෑ නේ. එකෙන්ම හරි නිදහස් තැනක්. ප්රශ්න නෑ. හරි සිම්පල්!