"ඒ ළමයද? පව් මල්ලි ඒ ළමයාගේ තාත්තා ඉපදෙන්නත් කලින් නැතිවෙලා තියෙන්නේ. අනික ඒ ළමයා හම්බෙන්න ඉද්දී ඒ දෙන්නා බැඳලවත් නෑ. පව්.." හිනාවෙන්නද? අඬන්නද?
ස්වප්නාගෙන් හරියටම විස්තරේ අහගත්ත රිද්ම හිටියේ ලෝක දෙකක අතරමන් වෙලා.
එහෙනම් එදා අර මනුස්සයව හම්බෙන්න ගිහින් තියෙන්නේ ඒ නිසයි. ඒත් එතකොට අනිද්දට හම්බෙන්න යනවා කිව්වේ?? ඒ කව්ද?
ඔක්කොම අතැරලා රිද්ම ෆෝන් එකත් අරන් දුවන් ගියේ එයාගේ කාමරේට. ඇද උඩ හිටපු කිතුජටත් ඇදෙන් බිමට වැටෙන්නම පයින් පාරක් දීලා රිද්ම ඇද උඩට ඇවිත් පැන්නා විතරක් නෙවෙයි එයා කෙලින්ම ගියේ එෆ්.බී. එකට. ඒකට ගිහින් සංජනාවයි එයාගේ පව්ලේ කට්ටියටය් හැමෝටම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාන්න ගත්තේ මාරම පැණි හිනාවකින්.
සංජනාට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යවපු ඒ සැණින් සංජනාත් ඒක ඇක්සෙප්ට් කරලා තිබ්බා දැක්කම අමාරුවෙන් කොන්ද අල්ලන් නැගිට්ට කිතුජට ආයෙමත් රිද්මගෙන් පයින් පාරක් වැදුනේ බිත්තියේ මූණ වැදෙන්න.
"තොපේ අක්කව දාගන්න මෙහෙට ඇවිත් තොපෙන් කන නිසා නේ මේ සේරම!!" කිතුජ බිත්තියේ වැදිච්ච කම්මුලත් අල්ලගෙනම ඇදන් හිටපු සරමත් අනිත් අතින් අල්ලන් ගියේ කාමරෙන් එලියට..
"වු-හූ~~~"
"ඒ මොකෑ අපේ මහත්තයා ඒ?" රිද්මගේ කාමරෙන් ආපු ජය ඝෝෂා නාදේ කුස්සියටම ඇහෙද්දී සංජීව දන්නේ නෑ කියන්න සුපුනා දිහා බලන් උරහිස් හැකිලුවා.
.
.
.
.
.
.
.
.
."ලියපන් හරියට 'අ' යන්නෙ බඩ ලොකුවට!" කිතුජ ඇවිත් තමන්ගේ පුතාට හෙන වදයක් දුන්නේ. ආකාෂ් නම් හිටියේ පුපුරන්න ඔන්න මෙන්න.
"මොන වදයක් ද අනේ ඔයා??" ආකාෂ් කෑ ගහද්දි කිතුජ දත් ටික පෙන්නලා හිනා වෙලා ආයෙම හිනාව කා ගත්තා.
"ඒකද දැන් ප්‍රස්නේ මෙතන? ලියපන් 'අ' යන්නෙ බඩ දාලා." කිතුජ ආයෙමත් ආකාෂ්ට බනිද්දි හිතපු නැති විදිහේ මාරාන්තික ප්‍රහාරයක් කිතුජගේ ඔලුව මැදට ටෝන් ගාලා පතිත වුනා.
"මගේ පැටියා ඔය ලියලා තියෙන්නේ ලස්සනට. මෝඩයෝ කියන ඒවා අහන්න යන්න එපා." ප්‍රහාරේ එල්ල කලේ වෙන කවුරුත් නෙවෙයි ස්වප්නා. ඒකත් හොඳ හය්ය පිගානකින්. පව් අහිංසකයා! ආකාෂ් ඉතින් කිතුජට හිනාවෙවී 'අ'යන්න ලියන්න ගත්තා.
YOU ARE READING
𝐀𝐬𝐡𝐚𝐧𝐲𝐚-
Randomමේකනේ අපේ ගෙදර ඔය ළමයි මරන් කාගෙන එයාලගේ වචනවලට ගරු නොකර ඉන්න සීන් නෑ නේ. එකෙන්ම හරි නිදහස් තැනක්. ප්‍රශ්න නෑ. හරි සිම්පල්!