"අහකට පලයන්!! ගෙවල හිපාටු උරුලෑවා~~~ " නුවරඑළියේ ඉඩමක් බලන්න එන ගමන හරි සුන්දර එකක් වේවි කියලා හේසර මේ ගමන පටන් ගන්න කලින් උදා වෙලා තිබ්බ රැයේදී උපකල්පනය කලේ මේ ගමනෙන් එයාගේ හිතට දැනිලා තියෙන බර ලිහිල් වෙලා සතුටුදායක දවසක් ගත කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන.
ඉතින් ඔෆිස් එකේ අලුත් බ්‍රාන්ච් එකක් නුවරඑළියේ ඕපන් කරන්න ඕන කරන යෝජිත ඉඩම් ටික බලන්න යන වැඩේට රිද්ම හේසරව තනියම යැව්වේ පෞද්ගලික තරහක් රහිතව. මොකද රිද්ම තමන්ගේ පෞද්ගලික අත්දැකීමෙන් දන්නවා හේසර කියන්නේ මේ කම්පැනි එකේ ඔක්කොම වැඩ වුනත් ගානට වෙලාවට ඉවර කරලා දාලා ගැම්මට ඉන්න පුළුවන් කොල්ලෙක් කියලා.
ඔෆිස් එකේ කාර් එකත් ස්ටාට් කරගෙන පාකින් ලොට් එකෙන් එලියට දාලා නුවරඑළියේ ගමන සාර්ථකව ආරම්භ කරන්න ගියත් මොකද!!!! අත් දෙකත් දෙපැත්තට විහිදුවගෙන එකපාරටම කාර් එක ඉස්සරහට ඇවිත් නැවතුනේ වෙන කවුරුවත් නෙවෙයි නතාෂා!!
"අනේ අනේ ප්ලීස්~~~ මාවත් එක්කන් යන්නකෝ.. මන් පොරොන්දු වෙනවා කිසිම කරදරයක් කරන්නේ නෑ කියලා.." හේසර කාර් එකෙන් බැහැලා නතාෂා ළගට ඇවිදන් ගිය ඒ අඩි කිහිපෙට නතාෂා තමන්වත් නුවරඑළියේ ගමනට එකතු කරගන්න කියලා බැගෑපත් වෙලා ඉවරයි.
"මටනම් මේක තීරණය කරන්න බැහැ මැඩම්.. අනික අද ඔයාට නිවාඩු දවසක් නේ? එහෙම තියෙද්දි ඔයා මොනාද මෙහෙ කරන්නේ?"
"ඒක තමයි හලෝ.. අපේ ගෙදර අය අර මෝඩ චෙයාමන් කාරයා එක්ක ලව් කරන්න කියලා බල කරනවා.. මහා හිසරදයක් මට!! ඒකය් ඒ හොල්මනගෙන් පැනලා යන්න හදන්නේ!!" හේසර කොච්චර අකමැති උනත් එයා ආදරේ කරන ගෑනු ළමයා රිද්ම එක්ක ඉන්නවා දකින්න එයා කවදාවත් ඒ දෙන්නව වෙන් කරන්න තව කෙනෙක්ගේ මානසික නිදහසට බලපෑම් ඇති කරන්නේ නෑ.
මෙතන දැන් නතාෂාව මගහැරලා ගියොත් එයා දවසම අකමැත්තෙන් රිද්ම එක්ක ඉදිවී.. ඒත් ඒ දෙන්නා එහෙම එකළඟ ඉන්නවා කියන්නේ සංජනා හිත රිද්දගෙන තමන් ළගට එනවා කියන එකයි.. ඒත් එහෙමයි කියලා ඒ වගේ දෙකයි පනහේ වැඩක් කරන්න හේසරට මොකක්දෝ මන්ද හේතුවකට පුළුවන් වුනේ නෑ.
YOU ARE READING
𝐀𝐬𝐡𝐚𝐧𝐲𝐚-
Randomමේකනේ අපේ ගෙදර ඔය ළමයි මරන් කාගෙන එයාලගේ වචනවලට ගරු නොකර ඉන්න සීන් නෑ නේ. එකෙන්ම හරි නිදහස් තැනක්. ප්රශ්න නෑ. හරි සිම්පල්!