පැය දෙක තුනක් ගියා.. ගෙදර හැම කාමරෙකම වගේ ලයිට්ස් නිවෙද්දී සංජනා කොයිවෙලේ හරි පහළට ඒවි කියන පුංචිම පුංචි බලාපොරොත්තුවත් එක්ක රිද්ම පහල තට්ටුවේ සාලේ තිබුන සෝෆා එකේ හාන්සි වෙලා උන්නා.
නින්ද යාගෙනම එද්දී..
"රිද්ම!!! රිද්ම!! එහ්හ්.. මේ.."
"මො-මොකක් ද!!?" සංජනා ඇවිත් නිදන් හිටිය රිද්මව නැගිට්ටවන් හැදුවා විතරයි බයවෙලා උඩගිය රිද්ම කෙලින්ම සෝෆා එකෙන් බිමට වැටුනා.
"ඌයි!!" කොන්ද අත ගාගෙන බිම ඉදන්ම රිද්ම බැලුවේ කටත් වහගෙන හිනාවෙන සංජනා දිහා.
"මනුස්සයෙක්ට කරදරයක් වුනාම හිනා වෙනවද??"
"සොරි සොරි.. අපි පොඩ්ඩක් කතා කරමුද?" සංජනා අහද්දී රිද්ම නැගිටලා දෙපැත්තට ඔලුව වැනුවේ හා කියන්න.
රිද්මට අහන්න නම් දේවල් ගොඩක් තිබ්බා. ඒත් ඒ දේවල් අහන එක හොඳයි ද කියලා රිද්මට හිතාගන්න බැරුවයි හිටියේ. දෙන්නම ආවේ එළියේ ගාඩ්න් එකේ තිබුන බෙන්ච් එකකට. බෙන්ච් එක ගාවම තිබුන ලයිට් කණුවෙන් විහිදුන කහ පාට එළිය නිසා එතන තිබුනේ වෙනම වයිබ් එකක්. වයිබ් එක ෆුල් පර්ෆෙක්ට් කරන්න තිබුන සීතලත් පංකාදු පහයි.
තනි බෙන්ච් එකේ දෙන්නා අතර පොඩි හිඩැසක් හැදෙන විදිහට දෙන්නා දෙපැත්තට වෙලා ඉදගත්තා.
"සීතලය් ද?"
"නෑ.. අවුලක් නෑ."
"හ්ම්ම්.."
සංජනා කිව්වේ එයාට රිද්ම එක්ක කතා කරන්න ඕනේ කියලා. ඒත් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද සංජනාට තේරුනේ නෑ. පව්ලේ අය හැරුන කොට තමන්ගේ කතාව දන්නේ හේසර විතරමයි. එයා ඒ දේවල් හේසරට කිව්වෙත් ඒ එයා බඳින්න ඉන්න මනුස්සයා නිසා. ඒත් එයා දැන් මේ දේවල් රිද්මට කියන්නේ ඇය්? කියන්න හේතුව මොකක් ද? බොරුවක් කියලා ශේප් වෙන්න පුළුවන්කම තියෙද්දිත් හේතුවක් නෑ සංජනාට හැමදේම කියන්න ඕනේ කියලා හිතුනා.
"මන් ප්‍රදීප්ට කිව්වා, මන් මෙහෙ ඉන්නේ කියලා. එයා කිව්වා හෙට ඔයා එක්ක ඔෆිස් එකට එන්න කියලා. එතකොට ප්‍රදීප් මාව එහෙ එයාලගේ ගෙදර එක්කන් යන්නම් කිව්වා."
YOU ARE READING
𝐀𝐬𝐡𝐚𝐧𝐲𝐚-
Randomමේකනේ අපේ ගෙදර ඔය ළමයි මරන් කාගෙන එයාලගේ වචනවලට ගරු නොකර ඉන්න සීන් නෑ නේ. එකෙන්ම හරි නිදහස් තැනක්. ප්රශ්න නෑ. හරි සිම්පල්!