මේ හැමදේම පටන් ගන්නේ මීට අවුරුදු ගානකට කලින්~~
බලවික්රම සහා ඉනියා කියන්නේ ආදරණීය ජෝඩුවක් කියන එක අපි හැමෝම දන්නවා. ඒත් බලවික්රම කියන්නේ ඉනියාගේ පලවෙනි නීත්‍යානුකූල සැමියා නම් නෙවෙයි..
"එතකොට තාත්තා කියන්නේ ඒ මගෙයි අක්කගෙයි අලුත් අම්මයි අයියයි ද???"
"හ්ම්ම්.." පුංචි අහිංසා හරි උනන්දුවෙන් තාමත් තමන්ගේ ගෙදර දොර දිහා බලන් හිටියේ එයාගේ අලුත් අම්මවයි අයියවයි බලාගන්න තිබ්බ ආසාව නිසා.. බලාපොරොත්තු වුනා වගේම ඉනියාගේ ගෙදර අය වෙලාවට එද්දී බලවික්රමගේ ගෙදර අය හැමෝම සාලෙට එකතු වෙලා ඉඩ තිබ්බ තැන්වල ඉදගත්තේ බලවික්රමගේ මස්සිනාලා දෙතුන් දෙනෙක් බලවික්රමට විහිලු කරන අතරෙමයි.
ඉනියා එනවා පුංචි අහිංසා දැක්කා. එයා ආවේ තනියම නෙවෙයි එයාගේ අම්මයි තාත්තායි තව මැදි වයසේ ගැහැණු දෙන්නෙක් වගේම පිරිමි දෙන්නෙක් එක්ක. ඒත් වයස දහයේ පුංචි අහිංසා බලාපොරොත්තු වුණු එයාගේ අලුත් අයියා නම් පේන්න නොහිටිය එක එයාගේ හිතට හරි කරදරයක් වුනා!!
"නැන්දේ නැන්දේ.. අය්යා කෝ??" ඉනියා බලවික්රමගේ ගේ ඇතුලට ඇවිත් ඉදගන්න ගියා විතරයි අහිංසා දුවන් ගිහින් ඉනියාගේ අතේ එල්ලිලා හරි අහිංසක විදිහට ඇහුවම ඉනියාට එකපාරටම බැලුනේ එයාගේ දෙමව්පියෝ දිහා.
"ඉනියා-" ඉනියාගේ අම්මා ඉනියාගේ උරහිසක් හෙමින් පිරිමදින ගමන් ඔලුව වැනුවේ හරියට හැමදේම හොඳින් වෙයි කියලා අගවන්න..
"ඒකට කමක් නෑ ඉනියා. කොල්ලා තාම පොඩියි නේ.. එයාට ටික කාලයක් දෙන්න." ඒ බලවික්රම..
"අය්යා එළියේ ඉන්නේ පැටියෝ.. ඔයා අයියව යාළු කරගෙන එක්කන් ආවොත් මන් ඔයා ඉල්ලන ඕනම දෙයක් දෙනවා.."
" ඇත්තටම ද? "
"ඇත්තමයි!! ඔයාට මොනවද ඕනේ?"
"මට අයියව සදහටම තියාගන්න පුළුවන් ද? " ඉනියාගේ ඇස්වලට කඳුළු එන්න තප්පරයක්වත් ගියේ නෑ.. අහිංසාව දකින හැමවෙලේම එයාට මතක් වුනේ එයාගේ අතීතය..
ඉනියා කියන්නේ කැම්පස් යන්න ඕන නිසා කොළඹට ආව අහිංසක තරුණියක්.. කැම්පස් එකෙන්ම කෙනෙක්ට ආදරේ කරලා ගෙදර අයගේ කැමැත්තත් ඇතුව එයාවම කසාද බඳින ඉනියා එයාගේ පවුල් ජීවිතේ හරි සතුටින් ගත කරන් ගියත් හැමදේම අනිත් පැත්තට පෙරලෙන්නේ එයාලගේ පලවෙනි දරුවා ලැබුනට පස්සේ..
YOU ARE READING
𝐀𝐬𝐡𝐚𝐧𝐲𝐚-
Randomමේකනේ අපේ ගෙදර ඔය ළමයි මරන් කාගෙන එයාලගේ වචනවලට ගරු නොකර ඉන්න සීන් නෑ නේ. එකෙන්ම හරි නිදහස් තැනක්. ප්‍රශ්න නෑ. හරි සිම්පල්!