ඩේට් එක ඉවර වෙලා සතුටු හිතෙන් ගෙදර ආපු සංජනා දැක්කේ මේසේ උඩ තිබුන පුංචි නෝට් එකක්.
'පැටියෝ, අපි දෙන්නා ආයෙම ගෙදර යනවා. තනියම නෙවෙයි ආශන්යාත් එක්ක. අපිට ටිකක් කල් දෙන්න. තාත්තා පොරොන්දු වෙනවා මේ ප්රශ්නේ අනිවාර්යෙන් විසඳනවා කියලා. ඒ නිසා අපි ආයෙම එනකම් පරිස්සමින් ඉන්න. ආශන්යාව කන්ටැක්ට් කරගන්න එක පුළුවන් තරම් අඩුකරගන්න. ඔයා දන්නවනේ මන් ඇය් එහෙම කියන්නේ කියලා. පරිස්සමින්! <3 '
අතේ තිබුන කොල කෑල්ල පොඩි වෙලා බිමට විසික් වෙන්න ගියේ ටික වෙලාවයි. සංජනා එහෙම්මම බිම ඉඳගෙන ඔහේ බිත්තිය දිහා හිස්ව බලන් උන්නා.
.
.
.
.
.
.
.
."මන් දන්නවා එක දවසින් මනුස්සයෙක්ට වෙනස් වෙන්න බැහැ කියලා. ඒ නිසා දිගටම ට්රයි කරන්න. ඔයාට මගේ පරණ දුවම වෙන්න පුළුවන්." නිදන් හිටිය ස්වප්නා ගැස්සිලා ඇහැරුනේ කලින් දවසක එයාගේ අම්මා එයාට කියපු වචන හීනෙනුත් ඇහෙන්න ගත්ත නිසා.
ස්වප්නා කොච්චර උත්සහ කරත් එයාව ආයෙම පරණ ආගාධයටම ඇදිලා යනවා කියලා එයාට තේරෙනවා. ඒත් එතැනට නොයා ඉන්න එයා දරන්නේ පුදුම විදිහේ වෙහෙසක්.
ඉතින් සති දෙකක් තිස්සේ සංජනාගේ අතුරුදහන් වීම ගැන ස්වප්නා නම් ඉන්නේ කනස්සල්ලෙන්.. ඊටත් වඩා එයාගේ මල්ලි, රිද්ම.
"මේ මොන වදයක් ද අනේ??" ආකාෂ් මහා හය්යෙන් කෑ ගහද්දී රිද්ම එකපාරටම ආකාෂ්ගේ කට වැහුවා. නැත්තම් ඉතින් රෙදි ගැලවිලා යනවානේ.
"හරි හරි බන්. ඕකට ඔහොම කෑගහන්න ඕනේ නෑ නේ."
"මොන විකාරයක් ද අනේ.. අම්මත් අහනවා ඔයත් අහනවා. මේ දැක්කනේ කලින් සංජනා නැන්දා ගැන අහන්න ගිහින් අර මෝඩ නපුරි මට කරපු වැඩේ!!!" එහෙම කියලා ආකාෂ් එයාගේ අත දික් කරලා පෙන්නුවේ ආශාන්යා කලින් දවසක ලේ එන්නම හූරපු එයාගේ අත.
"මොකෝ මේ සද්දේ?" සුපුනා ආකාෂ්ගේ කාමරේට ඔලුව දාලා අහද්දී රිද්ම ආකාෂ්ව වැහෙන්න ඉස්සරහින් හිටගෙන මුකුත් නෑ කියන්න ඔලුව වැනුවා. පිටිපස්සට කරන් තියන් හිටිය අත් දෙකෙන් ආකාෂ්ගේ කට වහලා තියන්නත් රිද්ම අමතක කලේ නෑ.
YOU ARE READING
𝐀𝐬𝐡𝐚𝐧𝐲𝐚-
Randomමේකනේ අපේ ගෙදර ඔය ළමයි මරන් කාගෙන එයාලගේ වචනවලට ගරු නොකර ඉන්න සීන් නෑ නේ. එකෙන්ම හරි නිදහස් තැනක්. ප්රශ්න නෑ. හරි සිම්පල්!