සංජනා අපහසුතාවයට පත්නොවෙන විදිහට කතාව වෙන පැත්තකට යවන්න ස්වප්නාට පුළුවන් වුනා.
ඉතින් තුන්දෙනා හිනාවෙවී පැය ගානක් කතා කරලා අන්තිමට ළමයිට ඉස්කෝලේ ඉවර වෙන්න ළං වෙලා තිබුන නිසා සංජනා සුපුනාට සමු දීලා ස්වප්නා එක්ක එයාගේ ස්කූටර් එකෙන්ම ඉස්කෝලෙ ළගට ඇවිත් බැස්සා.
බෙල් එක වැදිලා විනාඩි පහයි ගියේ ළමයි හැමෝම බෑග් කරේ එල්ලන් දුවන් ආවේ එයාලගේ අම්මලා ළගට. ඉතින් ආශාන්‍යාත් ඒ ගොඩේමයි. ආශාන්‍යා දුවන් එද්දී එයාගේ බෑග් එක පාවෙන සීන් එහෙක තිබුනේ.
"මමී, ලුකුඅම්මා එන්නේ නැහ්හ්?" සංජනාට අක්කෙක් ඉන්නවද??
"ලොකුඅම්මා එද්දී අපි මැරිලා, වළදාපු තැන්වල ගසුත් පැලවෙලා තියේවි!!" පාර පනින්න සංජනා කහඉර ළගට ඇවිත් ආශාන්‍යාගේ අත තද කරලා අල්ලගන්න ගමන් කිව්වා.
"අනේ!!"
"අනේ පනේ තමයි!! මොකද ලොකුඅම්මා මතක් වෙලා එකපාරටම?"
"ආදරෙයිනේ මන් එයාට!" ආශාන්‍යා එයාගේ කොට කොන්ඩෙත් පද්දලා ගස්සලා හරි හුරතල් විදිහට කියද්දී සංජනා ආශාන්‍යාට රවලා ඉස්සරහ බලාගත්තා.
"මොන නපුරුකමක් ද මන්ද!!"
.
.
.
.
.
.
.
.
.
.
.
"අය්යෝ අම්මා!! කවුරුත් කැමති වෙන්නේ නෑ ඇත්ත දැනගත්තම.""ඇත්ත!? මොන ඇත්තක් ද බබා!? ළමයෙක් ඉන්නවා කියන ඇත්ත ද? ඒක ඇත්තටම ඇත්තක් ද?? " ඉනියට තරහ ගියා කියලා තේරුණ නිසාම බලවික්‍රම ඇවිත් ඉනියව කාමරේට එක්කන් ගියේ සංජනාටත් කාමරේට යන්න කියලා ඇහෙන් ඉඟි කරලා. ඒත් සංජනා කාමරේට යන්න හැරුනා විතරයි එයා දැක්කේ කාමරේ දොර අස්සෙන් එබිලා බලන් ඉන්න ආශාන්‍යාව.
"නැනී අම්මා මොකද්ද ඒ කිව්වේ?"
"අය්යෝ පිස්සු කෙල්ල! නින්දයන්නෙ නැද්ද?" දුවලා ගිහින් ආශාන්‍යාව වඩාගත්ත සංජනා, ආශාන්‍යාගේ මූණ ඉස්සරහට වැටිලා තිබුන කොන්ඩ කෑලි ටික එයාගේ කන පිටිපස්සේ රැදෙව්වා.
"ම්ම්හු!! නැනී ආච්චිගේ සද්දෙට ඇහැරුනා." ආශාන්‍යා නිදිමතෙන්ම කියද්දී සංජනා ආශාන්‍යාව ඇඳෙන් තියලා පොඩි එකීට නින්ද යනකම්ම ඔලුව අතගෑවා.
YOU ARE READING
𝐀𝐬𝐡𝐚𝐧𝐲𝐚-
Randomමේකනේ අපේ ගෙදර ඔය ළමයි මරන් කාගෙන එයාලගේ වචනවලට ගරු නොකර ඉන්න සීන් නෑ නේ. එකෙන්ම හරි නිදහස් තැනක්. ප්රශ්න නෑ. හරි සිම්පල්!