අනේ මගේ දෙවියනේ!" පාන්දර හතරට උයන්න කියලා කුස්සියට ආපු සුපුනා පපුවත් අල්ලන් අඩි දෙකක් පස්සට වුනේ කුස්සියේ හිටපු මනුස්සයා දැකලා.
"ස්වප්නා!? මොනාද දරුවෝ මෙහෙ කරන්නේ?"
"කන්න උයනවා අම්මා. අද මන් උයන්නම්. ඔයා ගිහින් නිදාගන්න." ස්වප්නා සුපුනාව ආපහු හරවලා එයාගෙම කාමරේට යවද්දී ගිය මනුස්සයා එසැනින් කාමරේට ආපු නිසා සංජීවත් ඇදෙන් බිමට බැස්සා.
"මැණිකේ හාමු මොකෝ අද උයන්නේ නැද්ද?"
"උයන්න තමයි ගියේ ඒත්.. ලොකු දුව කුස්සියේ උයනවා." අඩියක් ඉස්සරහට තියන්න ගිය සංජීව එහෙම්මම ගල් වෙලා බලන් ඉද්දී සුපුනාත් ඇස් දෙක ලොකු කරන් පුදුමෙන්ම ඇවිත් ඇදේ දිගා වුනා.
"කුස්සියට නම් යන්නෙ අපේ මහත්තයා ඇවිත් නිදාගන්න. ලොකු දුවට මොන යකා ගහලද දන්නේ නෑ ඒ පාර."
.
.
.
.
.
.
."ආකාෂ්!! බබා!! කෝ නැගිටින්න ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා නේ." වෙනදට ඇහෙන තාත්තාගේ කටහඬ වෙනුවට අද ඇහුනේ වෙන ගෑනු කටහඬක්. ඒ නිසාම ලාවට ඇස් ඇරලා බලපු ආකාෂ් දැක්කේ එයාගේ අම්මව.
"මොකෝ භූතයෙක් දැක්කා වගේ. ගිහින් ලෑස්ති වෙන්න අම්මා ඉස්කෝලේ එක්ක යන්න." ආකාෂ් කටත් ඇරන් භූතයෙක් දැකලා බයවුනා වගේ එහෙම්මම බාත්රුම් එකට දුවන් ගියා.
"මේ ගෙදර ඔක්කොටම පිස්සු!" ඉතින් ස්වප්නා එයාගේ කාමරේට ගිහින් ලෑස්ති වෙන අතරේ කිතුජ ආවේ ආකාෂ්ව නැගිට්ටවන්න වුනත් ආකාෂ් ඇදේ හිටියේ නෑ. අනික බාත්රුම් එකෙන් ටැප් එක ඇරිලා තියෙන සද්දේ ඇහුන නිසා කිතුජ හිතුවේ ආකාෂ් අද එයා විසින්ම නැගිටගෙන ලෑස්ති වෙනවා ඇති කියලා. ඉතින් කිතුජ ආකාෂ්ගේ කාමරෙන් එලියට ඇවිත් පහල තට්ටුවට ගියා.
කිතුජවයි රිද්මවයි සප්රයිස් කරන්න හිතාගෙන පහල තට්ටුවේ හිටිය ජෝඩුව අද උදේ වෙච්ච කිසිම දෙයක් නොකියා ඉන්න තීරණය කරා. ඉතින් විනාඩි විස්සකට පස්සේ කොල්ලෝ දෙන්නගේ ඇස් දෙක ලොකු වුනේ හීනෙකින්වත් හිතපු නැති විදිහේ දෙයක් ඇහැ ගැටෙද්දී..
ස්වප්නා ලස්සනට ඇදගෙන විතරක් නෙවෙයි එයා එල්ලගෙන හිටියේ ආකාෂ්ගේ ඉස්කෝලේ බෑග් එක. ආකාෂ් පවා හිටියේ කවදාවත් නැති සතුටකින්. ඒ විතරක් නෙවෙයි ස්වප්නාගේ අනිත් අතේ තිබුනේ එයාගේ පරණ වුනත් තාම පදින්න පුළුවන් තත්වේ තියෙන ස්කූටර් එකේ යතුරය් හෙල්මට් එහෙකුයි.
YOU ARE READING
𝐀𝐬𝐡𝐚𝐧𝐲𝐚-
Randomමේකනේ අපේ ගෙදර ඔය ළමයි මරන් කාගෙන එයාලගේ වචනවලට ගරු නොකර ඉන්න සීන් නෑ නේ. එකෙන්ම හරි නිදහස් තැනක්. ප්රශ්න නෑ. හරි සිම්පල්!