"මොනවද බල්ලෝ කියන්නේ!?????" කිතුජ කිව්ව වචනේ එකවසරේ පුංචි ආකාෂ්ට නම් කුණුහරපයක්. මෙච්චර වෙලා තමන්ගේ තාත්තාගේ උකුලේ ඉදගෙන කතන්දර පොතක් කියවමින් උන්නු ආකාෂ් අතේ තිබ්බ පොතෙන් තාත්තා ගේ ඔලුවට පාරක් ගහලා එයා උන්න එයාගේ මාමගේ කාමරෙන් එලියට දුවන් ගියා.
"අම්මා වගේමයි පොඩි එකත්.." ඔලුවට වැදිච්ච පාර නිසා කේන්ති ගිය කිතුජ දුවගෙන යන එයාගේ පොඩි භූතයා දිහා බලාගෙන කිව්වේ කටත් ඇද කර කර..
බිස්නස් ට්‍රිප් එකක් ගිහින් එද්දී කෙල්ලෙක් ගෙදර ඉන්නවා දැකලා කිතුජ ආයෙම ගේට් එකෙන් එලියට ඇවිත් බැලුවේ ඇවිත් තියෙන්නේ හරි ගෙදරටමද කියලා!! කොහෙද තමන්ගේ මාමණ්ඩි පවා තමන්ව තනියම ගෙදර එව්වනේ වන්දනා ගමනක් යන්න ඕනේ කියලා. ඉතින් දැන් සංජනා රිද්මගේ ගෙදර ඇවිත් හරියටම සතියයි. හේසර දැන් ඕනෑවටත් වඩා සංජනා ගැන හොයලා බලන්නේ රිද්මට පේන්නමයි. සංජනා සම්බන්ද වෙන හැම වෙලේකම දෙන්නා අතර සීතල යුද්ධයක් කාට කාටත් හොරා ඇතිවෙනවා.
වෙලාවකට සංජනාට දෙන්නටම ඇසිඩ් පාරක් හලලා කොහෙහරි ඈත ආරාමයකට ගිහින් හැමදේම අතැරලා මහණ වෙන්නත් හිතයි ඒත් ඉතින් ඒ හැමවෙලේම එයා ආස දෙයක් මතක් වෙලා එයා ඒ අදහස අතැරලා දානවා.
"පොඩි එකා එක්ක මොකටද බන් කේන්ති ගන්නේ " කියලා රිද්ම කිව්වා.
"උබට ඒ පණ්ඩිතකම් වැඩක් නෑ නේ.. මට කියපන්කො උබ දැන් මේ කරන්න යන්නෙ මොන මගුලක් ද කියලා..?"
"මන් කිව්වේ මන් සංජනාට ප්‍රපෝස් කරනවා කියලා.. එයා තමයි ඊයේ කිව්වේ එයාට හේසරට වඩා හොඳ කෙනෙක් හම්බුනොත් එයා ඒ කෙනා එක්ක රිලෙෂන්ශිප් එකක් පටන් ගන්නවා කියලා." රිද්ම එයාව සාධාරණිකරණය කරගන්න නිදහසට කරුණු කියද්දී කිතුජ ඔලුවේ අත ගහගත්තා.
"යකෝ ඒ කෙල්ලම ළමයා නැති කරගෙන ඉන්නවා උබ මගුලක් කියෝනවා නේ. මන් වගේ නම් උබට අලි බෙට්ටකින් ගහන්නේ!!"
"අනේ~~~ ආශාන්යා ගැන මටත් දුකයි.. දන්නවනේ බන් මන් ආකාෂ්ට කොච්චර ආදරෙයි ද ඒ තරමටම ආශාන්යාටත් ආදරෙයි කියලා. මට සංජනා ගැන කැමැත්තක් ඇති වුනෙත් ආශාන්යා නිසා. මාත් එයාව හොයාග-" නන්ස්ටොප් කියවන්න ගිය රිද්මගේ කටට අතක් තියලා කිතුජ තවත් මුකුත් කියන්න එපා බන් වගේ ලුක් එකක් දැම්මා.
YOU ARE READING
𝐀𝐬𝐡𝐚𝐧𝐲𝐚-
Randomමේකනේ අපේ ගෙදර ඔය ළමයි මරන් කාගෙන එයාලගේ වචනවලට ගරු නොකර ඉන්න සීන් නෑ නේ. එකෙන්ම හරි නිදහස් තැනක්. ප්‍රශ්න නෑ. හරි සිම්පල්!