Ashanya-3

68 5 5
                                    

"ඇත්තටම මන් මේවට කැමති නෑ.. අම් සොරි.." ආපු ගමන් ඕන දේ කිව්ව රිද්ම නැගිට්ටේ තාමත් එයා ඉස්සරහින් ටේබල් එකේ ඉදන් ඉදපු ගෑනු ළමයට කට උත්තර නැතුව එයා ගල් වෙද්දී. ඇත්තටම ඒ වෙලාවේ ඒ ගෑනු ළමයා රිද්මට ඇසිඩ් එකක් ගැහුවත් එයා වැරදියි කියන්න බැහැ. ඒ කේන්තිය ඉතා සාධාරණ එකක්.

ඉතින් එහෙම කියපු රිද්ම එයා හිටපු රෙස්ටුරන්ට් එකෙන් එලියට එන්න හදද්දී දැක්කේ සංජනා හොඳ ටයි කෝට් ඇඳගත්ත පිරිමි කෙනෙක් එක්ක හිනාවෙවී කතා කරනවා. යන ගමන පැත්තකට දාපු රිද්ම ඒ ළඟම හිස් මේසෙක ඉදගෙන මෙනු එකෙන් මූණ වහගෙන සංජනා හිටපු මේසේ පැත්තට පොඩ්ඩක් බර වුනා. මොකද එයා හිටියේ සංජනාගේ මේසෙට පිටිපස්සේ එකෙන්. ඉතින් එයා ඉදගත්තේ සංජනා කතා කර කර හිටපු පිරිමි කෙනාට පිටිපස්සෙන්.

ඒත් එයා මේ කරන වැඩේ තේරුම මොකද්ද? ඒ සංජනාගේ හස්බන්ඩ්නම්. ඒත් ඉතින් රිද්මට නැගිටින්න බැහැ. ඒ වෙද්දිත් වේටර් කෙනෙක් ආලෝකයේ වේගයෙන් රිද්ම දිහාට ඇදෙද්දී රිද්මට කරකියාගන්න දෙයක් නෑ.

"මොහිතෝ එකක්." කටට ආපු නමක් කියලා රිද්ම වේටර්ගේ කරදරෙන් බේරෙද්දී කලින් එයා පඩි ටෝකක් දීලා ආපු මේරිගේ දුව එයාට රවන ගමන් රෙස්ටුරන්ට් එකෙන් එලියට ගියා.

"ඇත්තටම මට දුවෙක් ඉන්නවා." සංජනා එයා ඉස්සරහ හිටපු එයාගේ අම්මා එයා වෙනුවෙන් මනමාලයට කියද්දී එයා හිනාවුනේ ඒක එයා දැනටමත් දන්නවා කියන්න.

"මොන මනුස්සයද තමන්ට දුවෙක් ඉන්නවා කියලා දන්නේ නැත්තේ?" රිද්ම කල්පනා කරද්දී එයාගේ මැණිකේ හාමිගෙන් කෝල් එකක් ආවා. මොනවා කලත් කවදාවත් එයා ගෙදර මිනිස්සුන්ගේ කෝල් ආන්සර් නොකර ඉන්නේ නැති නිසා එයා ඕපාදුප අහන එක පැත්තකින් තියලා මැණිකේ හාමිගේ කෝල් එක ආන්සර් කරා.

මේ අතරතුර,

"ඇත්තටම ආශාන්‍යා හම්බෙද්දී මන් එයාගේ තාත්තාව බැඳලා නෙවෙයි හිටියේ." මෙච්චර වෙලා තිබ්බ සන්සුන් පෙනුම අර කොල්ලගේ මූණෙන් අතුරුදහන් වුනේ එක් ක්ෂණයෙන්.

"Wait what-?"

"ආශාන්‍යාගේ තාත්තා කියන්නේ මන් බඳින්න හිටපු කෙනා මිසක මන් බැන්ද කෙනා නෙවෙයි." එතනින් එහාට දෙන්නා අතරෙම තිබුනේ නිශ්ශබ්දතාවයක්. අන්තිමට ඒ නිශ්ශබ්දතාවය බිඳින ගමන් අර පිරිමි කෙනා කතා කලා.

𝐀𝐬𝐡𝐚𝐧𝐲𝐚-Where stories live. Discover now