අපි රැ වෙලා ගෙදර එද්දි පාන්දර එක විතර වෙන්න ඇති. මේ ළමයින්ට යමු යමු කිව්වත් එයාලා මන් කියන දේ කනකට ගත්තේ නැ. මමත් ඉතින් කරන්න දෙයක් නැතිම තැන එයාලා පිටි පස්සෙන් යන යන තැන් වලට ගියා.
ඒ ගියත් හැබැයි එපා උනේ නැ මමත් ඒ හැම දේකින්ම වගෙ සතුටු උනා.
ආර්ශගෙ යාලුවොන්ට හොල්මන් ගෙදර බලන්න ඔනි කියලා එකට ගිහින් මේ ළමයා හිටියේ මගෙ ඇගෙ ඇලිලා වගෙ. යන්න කලින් බය නැ කිව්වත් ගියාට පස්සෙ එයා කැ ගහගෙන එල්ලුනෙ මගෙ ඇගෙ. අන්තිමට මට උනේ හොල්මන් බලනවා වෙනුවට එයාව බලා ගන්න.
"අම්මෝ මගෙ කකුල් දෙක දලා ගිහින් වගේ....."
ගෙදර ඇවිත් එහෙම්මම සොෆා එකට වැටෙන ගමන් මන් කිව්වෙ ආර්ශත් බයික් එක ගරාජ් එකට දලා ගේ ඇතුලට එද්දි.
මම සාමාන්යයෙන් මහා හුගක් ඇවිදින කෙනෙක් නෙවෙයි නිසා අද ඇවිදලාම මට මහන්සි. කකුල් දෙක නිකම් නැ වගෙ.
"ඔයාට අමාරුද අයියේ....."
"ම්ම්ම්....."
මම සොෆා එකෙම දිග ඇදිලා ඇස් පියාගෙනම මිමිනුවා.
"ඔහොම ඉන්න කාමරෙට යන්න එපා....."
එයා එහෙම කියලා කුස්සිය පැත්තට යනවා ඇහෙද්දි මම මහන්සියටම සොෆා එකට වෙලා ඇස් දෙක පියාගෙන හිටියා.
මට කොයි වෙලෙ නින්ද ගියාද දන්නෙ නැ කලවා වලට දැනෙන රස්නෙ ගතියක් නිසා මගෙ නින්ද කැඩිලා මට ඇහැරුනා. එත් මම ඇස් අරින්නෙ නැතුව එහෙම්ම හිටියේ ඇගට තවම දැනෙන තෙහෙට්ටු ගතිය නිසා.
කලවා වල ඉදලා කකුලේ පහලට යනකම්ම මොකක් හරි රස්නේ දෙයක් තැනින් තැන යද්දි මම හිමිට ඇස් ඇරලා ඒ මොකක්ද බැලුවා.
අනේ දෙයියනේ මේ දරුවා ආර්ශ, මගෙ පපුවත් එක්ක මොකද වෙලා ගියා.
දුම් දාන පොඩි බොල් එකක් ලග තියන් එකෙන් රෙදි කැල්ලක් තෙමලා පිඹින ගමන් මගෙ කකුල් දෙක උකුල උඩ තියන් එයා තවනවා. මාව පිච්චෙයි කියලා බයෙන් බයෙක් කටින් පිඹින ගමන් එයාගෙ අත උඩත් චුට්ටක් තියාගෙන එයා මගෙ කකුල් තවනවා.
අනේ මන්දා මට මේ ළමයා තෙරුම් ගන්න බැ. මට ආර්ශව එහෙම දැක්කම පව් කියලා හිතුනා. එයා මට මෙහෙම සලකන්නෙ ඇයි මට හිතා ගන්න බැ. එයා ගැන මහා අමුතු හැගිමකින් මගෙ හිත පිරිලා ගියේ මම එයා දිහාම බකන් ඉද්දි
YOU ARE READING
මාගේ සද නුඹදෝ ✔
Fanfictionමට ඔනි නැ බන් උබට හදක් වෙන්න..... මට ඔනි හදක් වගෙ ඉන්න උබව දරා ගන්න අර විසල් අහස වෙන්න......... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫