"අයියා පන....."
"ම්ම්ම්....."
මගෙ කන ලගම වගෙ ආර්ශගෙ කටහඬ ඇහෙද්දි මම තවත් මගෙ ඇගට දැනෙන උණුහුමට ගුලි උනා.
"අයියා පන.... දැන් ඇතිනේ ඔය නිදා ගත්තා..... කෝ ඇහැරෙන්නකෝ....."
ආයෙත්ම එයාගෙ කටහඬ ලගින්ම ඇහෙද්දි අකමැත්තෙන් උනත් අමාරුවෙන් ඇස් ඇරගෙන මම එයා දිහා බැලුවා. මගෙ මුනටම පහත් වෙලා එයා මගෙ දිහා හිනා වෙලා බලන් ඉද්දි මමත් එයා එක්ක ලාවට හිනා වුනා.
"ගුඩ් මොර්නින්....."
"ම්ම්ම් මොනින්....."
එයා මට ගුඩ් මොර්නින් කිව්වා. ඉතින් මාත් මොනින් කිව්වා. එත් එක්කම එයාගෙ අර ලා හිනාව පුලුල් වෙද්දි එයා මගෙ කම්මුලක් මිරිකලා දැම්මා.
"මොර්නින් තමා එකත් පහු වෙලා..... කෝ නැගිටින්න..... අර හැමෝම කැම කන්න ගියා..... ඔයත් මොනාහරි කලා පැනඩොල් දෙකක් බොමු....."
"අනේ..... මට නින්ද ගියානේ....."
ආර්ශ අර කට්ටිය කන්න ගියා කියද්දි මට ඉන්නෙ කොහෙද ආවේ මොනවටද කියලා මතක් උනේ. එත් එක්කම මම වෑන් එක දිහා බලද්දි එක හිස් වෙලා තිබ්බා. මමයි ආර්ශයි විතරක් තාම පිටි පස්සට වෙලා ඉද්දි මම එයාගෙ පපුවට තුරුල් වෙලා හිටියා. ඇගෙ අමාරුවටම මට නින්ද ගිහින්. දැන්නම් ඒ හැටි ගානක් නැති උනත් පිටි පස්ස ටිකක් ඇදුම් කනවා.
"ම්ම්ම් ඔයාගෙ ඇග ටිකක් රස්නේ තිබ්බා මුලින්..... දැන් හරි..... තාම ඇගට අමාරුයිද....."
"දැන් අව්ලක් නැ ආර්ශ....."
මගෙ ඔලුවත් අත ගාන ගමන් එයා අහද්දි එයාට එහෙම කිව්ව මම එයාගෙන් ඇත් වෙලා ඇදුමයි කොන්ඩෙයි හදා ගත්තා.
"ඔයා ඔහොම ඉන්නවද..... මම ගිහින් කන්න මොනා හරි අරන් එන්නම්......"
"මමත් එන්නම්කෝ ඉතින්....."
"පුලුවන්ද?...."
"ම්න් පුළුවන්....."
"එන්න එහෙනම් යමු....."
මගෙ අතිනුත් අල්ලන් වැන් එකෙන් බැස්ස එයා කඩයක් ඇතුලට ගියා. පොඩි කැම කඩයක්. පාර අයිනටම වෙන්න තියෙන කැම කඩෙ ඉස්සරහ ලොකු කුඹුරක් තියෙනවා. හරි ලස්සනයි. කඩෙ ඇතුල්‍රෙ වගෙම එලියෙත් තල් අතු වලින් වහලා පොඩි හඩ් තියෙද්දි එවගෙත් ඉද ගන්න මෙස එක දෙක තිබ්බා.
අනිත් අය දැනටමත් පෙස්ටි අනම් මනම් කන්න පටන් ගෙන තිබ්බා. ආර්ශයි මායි තාම සෝකෙස් ලග කන්න දෙයක් හොයනවා.
YOU ARE READING
මාගේ සද නුඹදෝ ✔
Fanfictionමට ඔනි නැ බන් උබට හදක් වෙන්න..... මට ඔනි හදක් වගෙ ඉන්න උබව දරා ගන්න අර විසල් අහස වෙන්න......... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫