ආර්ශගෙ මානයෙන්
"හලෝ විකුවෝ......"
"ඕඕ කියපන්....." මේ පරයා තාම නිදිද.
"මට අද ක්ලබ් එකට යන්න ඔනි..... ඉක්මනට ලැස්ති වෙලා අපේ ගෙදරට වරෙන්....."
"ඇයි උඹෙ බයික් එක...."
"එක අයියා අරන් ගියා....."
"අනේ.... හු#ත උඹලගෙන් තියෙන වදයක් බන්..... නිදහසේ ටිකක් නිදා ගන්න දෙන්නෙ නැති හැටියක්....."
"මචන් මේ උඹ හොද එකානේ..... උඹ ආවොත් උඹ එදා ඉල්ලුව බොතලේ මම උඹට අරන් දෙනවා....."
"විනාඩි පහක් දියන් මම ඔතන....."
ඉදකින් ගල් මූසලා මුන්ට කියලා වැඩක් කර ගන්න අපි මුන්ට කප්පන් දෙන්න ඔනි.
මගෙ පිස්සු හොන්තුවත් ස්කොලෙට ගියාද දන්නෙ නැ. බයික් එක ගියානම් දැන් ස්කොලේ තුන් හතර පාරක්ම ගිහින් එන්න වෙලාව. එත් අද තාම ගියා කියලා කොල් එකක් නැනේ. මෙකා ස්කොලේ යනවා කියලා වෙන කොහෙ හරි ගියාද. දැන්නම් මට තමුසෙ ගැනත් බයයි අයියා පන.
හිත මහා අමුතු මුසල හැගුමකින් පිරිලා යද්දි අයියට කොල් එකක් ගත්ත මම එහෙම්ම මගෙ කැප් එකයි වොලට් එකයි අරන් එලිය ඇවිල්ලා දොර ලොක් කරේ අරු ආවොත් ඉක්මනට නැගලා ස්කොලෙ ලගට එයාව ටික්කට බලලා හරි ක්ලබ් එකට යන්න පුළුවන් නිසා.
"හලෝ අයියේ තමුසේ ස්කොලෙට ගියාද ඔයි..... ගියානම් කොල් එකක් දෙන්න බැරිද මම මෙහෙ බය වෙනවා කියලා දන්නවනේ....."
"හලෝ මේ කවුද......"
අයියා කොල් එක ආන්සර් කරපු නිසාම මම පුරුද්දටම කියවන් ගියත් එහා පැත්තෙන් ඇහුන පිරිමි කට හඩක් නිසා මාව එක තැන හිර වෙලා ගියා. ඒ ඒ අයියා නෙවෙයි වෙන කෙනෙක්. ආයෙත් නම්බර් හරි නම්බර් එකටද අරන් තියෙන්නෙ කියලා බැලුව මම පන ❤️ කියලා සෙව් කරලා තියෙන කන්ටැක් එක එයාගෙ කියලා දන්න නිසාම එයාගෙ ෆොන් එක වෙන කෙනෙක් අතේ තියෙන තරහත් එක්කම කතා කරන්න ගත්තා.
"හලෝ..... කවුද මේ කරන්නෙ..... කෝ මේ ෆොන් එකෙ අයිතිකාරයා......"
"අහ් මම මේ අයාල් කතා කරන්නෙ..... මේ ආර්ශ නෙද....."
YOU ARE READING
මාගේ සද නුඹදෝ ✔
Hayran Kurguමට ඔනි නැ බන් උබට හදක් වෙන්න..... මට ඔනි හදක් වගෙ ඉන්න උබව දරා ගන්න අර විසල් අහස වෙන්න......... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫