19 කොටස

843 129 29
                                    


"රෑ පානෙ තරුවක් දිස්වෙන්නේ
නුඹ කෝ කියා ඇසුවා එදා....."

"මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා මල් දම් ගොතා...."

"හිරි වැටුනු සද සේ ආ
නිදි වරපු රෑ මා...."

"තනිවෙන්න හදවත් දැන් හිගයි....."

"වැහිබිදු වැටෙනවා නම්...."

"සුළගක් සැලෙනවා නම්....."

"මොහොතක් තනිවී හිදිමී ආදරේ.....//"

"ලංවී ඉන්න මා නම්....."

"රහසක් කියනවා නම්....."

"මොහොතක් තනිවී සොයමී ආදරේ.....//"

"ඉවරද....."

"එතනින් එහා මට මත නැනෙ ආර්ශ....."

"මගෙ මොඩයා..... කෝ එනෝ මෙහෙට....."

අපි දෙන්නම හිටියේ පාලම උඩට වෙලා මාරුවෙන් මාරුවට පද කියලා හයියෙන් කැ ගහලා සිංදු කියන ගමන්. කොයි වෙලෙ ගම් දෙකෙම මිනිස්සු පිස්සො දෙන්නෙක් ඇවිල්ලා කියලා අපි කුදලන් පිස්සන් කොටුවට දායිද කියලා සැකයක් තිබ්බෙ නැතුවම නෙවෙයි. එත් ඉතින් නිදහසේ ඉන්න වෙලාවේ ඒ නිදහසට සාධාරණයක් කරන්නම එපැයි. ඒ නිසා පිට ලොකේ ගැන නොහිතා අපි අපේ හිත් එක්ක තනි වෙලා හිටියා.

සිංදු කියලා කියලා අන්තිමට මම කියන් ආව සිංදුවේ ඊලග පද මතක නැතුව ආර්ශ දිහාවට හැරෙද්දි එයා මාත් එක්ක හිනා උනා. ඊලග කොටස මතක නැ කියලා කියද්දි මට මගෙ මොඩයා කිව්ව එයා, එයාගෙ කකුල් අතර ඉඩ පෙන්නලා ලගට එන්න කිව්වෙ මම කම්බි වැටෙන් බිමට බැහැලා ගිහින් එයාගෙ වටෙ අත් යවලා එයාට ලන් වෙද්දි.

"තමුසේ ලග ඉද්දි මට මාරම නිදහසක් දැනෙනවා අයියා පන.... හරියට නිකම් මේ ලොකේ වැඩිපුරම සතුටින් ඉන්න මිනිහා මම කියලා දැනෙනවා..... ඒ දැනෙන හැගිම මාරම මාරයි අයියා පන..... ඒ හැගිමට සම්පුර්ණ හෙතුව තමුසේ..... මම තමුසෙට පැලෙන්නම ආදරෙයි ඔයි...... ආය එකෙ සැකයක් තියා ගන්න එපා..... මේ හිතේ හිදැසක් නැති වෙන්නම පිරිලා ගිහින් තියෙන්නෙ තමුසෙගෙන්...... බලනවා අත තියලා එත කො‍යිතරම් වෙගෙන් ගැහෙනවද කියලා..... ඒ තමුසේ නිසා ඔයි..... තමුසෙ නිසා විතරමයි....."

මාගේ සද නුඹදෝ ✔Where stories live. Discover now