"ගුඩ් මොර්නින් ස්කොලේ සර්....."
"ගුම් මොර්නින් විකුම්....."
මම ලැස්ති වෙලා පහලට එද්දි සොෆා එකට වෙලා තේ එක බොමින් ගමන් හිටිය කොල්ලා එහෙම කිව්වා. එයත් ලැස්ති වෙලා. මම කොල්ලටත් හිනාවක් දිගෙන කුස්සියට ගිහින් මෙසෙ උඩ තිබ්බ බත් එකයි වතුර බොතලේයි බැග් එකට දාන් ඉස්සරහට එන්න ආවේ එත් එක්කම කොල්ලත් කුස්සිය පැත්තට එද්දි.
"යන්න එපා..... ඉන්න මම මෙක හොදලා එන්නම්....."
තේ බිපු කොප්පෙත් පෙන්න ගෙනම විකුම් කුස්සියට දුවලා යද්දි ඉස්සරහට ආව මම දොර වහන්න විකුම් එනකම් බලන් හිටියා.
"යමු මම ස්කොලේ ලගින් දාන්න....."
"අනේ තැන්ක්ස් කොල්ලෝ..... බස් එකෙ ගිහින්ම එපා වෙලා හිටියේ..... බයික් එකෙ උනත් මම දැන් තනියම යන්න බයයිනේ....."
"ඉතින් මට කියන්න එපැයි සර්..... මම එහෙනම් එනවනේ....."
"කියන්න ඔයා මගෙන් අහන්න එපැයි....."
එහෙම කියන ගමන් මම හෙල්මට් එකත් දාන් බයික් එකට නැන්ගෙ පොඩ්ඩක් විතර බයෙන් වගෙ. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මම බයික් වල යන්න බයයි. ආර්ශ එක්ක යද්දි ගානක් නැති උනත් තනියම වගෙම පුරුදු නැති කෙනෙක් එක්ක යද්දි තාමත් බය හිතෙනවා.
"සර් බයයිනම් මාව හයියෙන් අල්ල ගන්න....."
"අව්ලක් නැ විකුම් ශෙප්..... හිමින් යමු හරිද....."
විකුම්ගෙ උරහිසත් තද කරලා අල්ල ගත්ත මම එහෙම කිව්වම කොල්ලා හා කියලා ඔලුව හොල්ලලා බයික් එක වත්තතෙන් එලියට දැම්මා. මන් කිව්ව නිසාමද මන්දා වෙනදාට වෙගෙන් යන කොල්ලා අද පුළුවන් තරම් හිමින් යන්න බැලුවේ. ඉදලා හිටලා ඒ ඇස් සයිඩ් මිරර් එකෙන් මගෙ පැත්තට ආවත් මම එයාට හිනා වුනේ අව්ලක් නැ කියන්න.
"ස්කොලේ අරින වෙලාවටත් මන් එන්නම් සර්..... බස් වල යන්න ඔනි නැ....." මම බයික් එකෙන් බැහැලා හෙල්මට් එක කොල්ලා අතට දෙද්දි විකුම් එහෙම කිව්වා.
"අනෙ කරදර වෙන්න ඔනි නැ ළමයෝ..... මම බස් එකෙ එන්නම්....."
"ආය මොන කරදරයක්ද ස්කොලේ සර්..... කොහොමත් මට මේ ටිකේ එහෙ තමා ඉන්න වෙන්නෙ..... කමක් නැනෙ....."
YOU ARE READING
මාගේ සද නුඹදෝ ✔
Fanfictionමට ඔනි නැ බන් උබට හදක් වෙන්න..... මට ඔනි හදක් වගෙ ඉන්න උබව දරා ගන්න අර විසල් අහස වෙන්න......... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫