-02-

1.7K 279 265
                                    

"එහෙනම් හෙට සෙට් වෙමු කට්ටිය..!!"

"වැඩේ සුපිරියටම ගියා මචං එහෙනම් ඔක්කොටම ගුඩ් ලක් වෙන්නෝන..."

වෙලාව දැන් හතට කිට්ටුවෙලා.. මං තාම අයියගේ ක්ලාස් එක ඉස්සරහා වෙරළු ගහ යට කට්ට කරුවලේ මදුරෝ තලනවා.. මූනම් අද එන පාටක්නම් නෑ වගේ.. ඒ අස්සේ ඔක්කොම වටවෙලා බදාගන්නවයි ඉඹගන්නවයි එකම කෙලියක්.. අද එයාලගේ අවුරුදු උත්සවේ සාර්ථක උනාලුනේ..

ඒ උනාට අපරාදේ මට හවස් වරුවේ වන්දිතයා එක්ක උගේ ගෙදර හරි යන්න තිබ්බේ.. කොහෙද ඉතින් මේ යකා එහෙම යන්න දෙන්නෙත් නෑනේ..

"දැන්නම් මගේ ටයිම් එක හරි මචංලා මං යන්නම්... ඒ මේ ඉසුරුවා කවීත්මේ චාරුක සුපුන් අරීෂ් තුලාන් එහෙනම් අපි ගියා.. රුසිරු දිල්ලා හසිතයා කෂ්මිරයා මචං සෙට් වෙමු.. අනික් උන්ට කියපං අපි ගියා කියලා...."

අපේ අයියා නිකං එක දිගට නාම ලේඛනේ කියවනවා වගේ නම් මතුරනකොට දෙයියනේ කියලා මාත් ගහ අස්සෙන් දුවගෙන ආවා.. ඇති යන්තං ගෙදර යන්න පුළුවන්..

යුපුන්ට යන්නම් කියන්නේ නැද්ද?

"යුපුන් යමං"

අයියෝ එයත් එනවද.. අපේ අයියා යාළු කවයෙන් මිදිලා යුපුන් අයියාගේ ඇගේ හැප්පි හැප්පි මටත් ඇස් වලින් යං කියාගෙන ගියා.. මාත් මගේ පාඩුවේ ඒ පස්සේ ගෑටුවා..

"කුරුළු මල්ලී පරිස්සමෙන් යන්න!!!"

මාව දැකලා ස්කෝලේ පාළු කන්න හිටිය අයියලා සෙට් එකත් හෝල් එකේ ඉදලා මට ටටා බායී කිව්වම මාත් උඩ පැනලා අත වැනුවා.. බලන්න හරි හොදයි එයාලා..

"යන්නං අයියලා!!!!"

ඔක්කොටම පොදුවේ බායී කියාගෙන අර දෙන්නා පස්සේ ගියාට උන් දෙන්නම මාව සතේකට ගණන් ගන්නේ නැතුව අද උදේ ඉදලා වෙච්ච කෙරිච්ච දේවල් රිවයින් කරන ගමන් ගේට් එක පැත්තට හීමීට ඇවිදගෙන ගියා.. මාත් ඉතින් මොකාද එකා වගේ ඒ පිටිපස්සෙන් බෑග් එක කරේ දාගෙන පටි දෙක පද්ද පද්ද ආවා..

බලාපල්ලාකෝ මෙච්චර නටලත් මුන් දෙන්නගේ සරමේ රැල්ලක්වත් පොඩි වෙලා නැති හැටි.. ඒකට මම නම් එකෙන්ම ග්‍රීස් ගහේ නැගලා වගේ.. අනික මාර සුවදයි මං ගාව..

SURYAWARNA | ONGOING Where stories live. Discover now