දුබුරු පාට ලොකු පුවරුව ගාම්බීර විදියට මාත් එක්ක හිනා වෙනවා
රංගදරනී කලා ආයතනය
.නිදි නැති රැයවල් කීයක්ද.හරියට කන්නේ බොන්නේවත් නැතුවමන් මහන්සි උන මගේ හීනේ.මට මන් ගැනම ලොකු ආඩම්බරයක් දැනුනා..මන් බෙල්ලේ එල්ලන් හිටිය id එක දිහා බැලුවා.නිල් පාට රාමුවක් ගිය සුදු පාට පසුබිමක් තියෙන ලැමිනේටින් කරපු බෝඩ් එක
නෙතුම් ආකර්ශ පුරුශෝත්තම්
නර්තන අංශයමම නෙතුම් අකාර්ශ පුරුශෝත්තම්.ගෞරව පුරුශෝත්තම් ඒ මගෙ සීයා .ඉන්දියාවේ තියෙන ලොකුම පර්ෆියුම් කම්පැනි එක වෙන පාරෝ කම්පැනි එකේ owner .දැනට පාරෝ කම්පැනි එකේ වැඩ බලන්නේ මගෙ තාත්තා ආයුශ් පුරුශෝත්තම්.මට ඉන්නවා වැඩිමල් සහෝදරියක් .නමින් ආර්ති අපූර්වා පුරුශෝත්තම්.
කොච්චර ලොකු කම්පැනි එකක අනාගත owner උනත් මන් කැමති නෑ බිස්නස් වලට.මන් ට්‍රයි කරා.ඒත් මට බෑ. බැරි දේ බෑ කියලා පිලිගන්න ඕනේ.මන් ආසයි නැට්ටුවෙක් වෙන්න.ඉන්දීය නැට්ටුවෙක් නෙවේ ලංකාවේ වෙස් නැට්ටුවෙක් වෙන්නෙ.දැන් හිතනව නේ ඉන්දියාවේ ඉදගෙන කොහොමද ලංකාවේ වෙස් නැට්ටුවෙක් වෙන්නේ කියලා.ඒක හරිම සරලයි මගේ අම්මා තමයි සතීශා මුතුකුඩ පුරුශෝත්තම්.නම නිකන් කේකුයි මාලු හොදී වගේනේ ගනන් ගන්න එපා.අපේ තාත්තගෙ පැත්තෙන් ඒ කියන්නේ ඔය පුරුශෝත්තම පවුලේ සංස්කෘතිය ට අනුව බිරිදගේ නමේ අගට සැමියාගේ පෙලපත් නාමය එකතු විය යුතුයි.හරි එතකොට අපෙ අම්මා තමයි මුතුකුඩ වලව්වේ හිටිය ලොකු මැනිකේ .ඒ හින්දා වෙස් නැට්ටුවෙක් වෙන්න මට ගෙදරින් අවසරේ හම්බුනා.අම්මා ලංකාවේ උනාට අපි අවුරුද්දකට සැරයයි ලංකාවට එන්නේ.ඒ එන්නෙත් ලංකාවේ තියෙනවනේ උත්සවයක් අප්‍රේල් මාසේ .කොහොමත් ආවම මාසෙම ඉදලා තමා යන්නේ.ඒ හින්දා මට සිංහල හොදට පුලුවන් .මට ලංකාවේ යාලුවොත් ගොඩක් හිටියා
ඒ...ප්ස්ස්ස්..ස්ස්..ඒ පොඩ්ඩක් ඔහොම ඉන්ඩෝ
කවුද යකෝ ස්ස් ගාන්නේ නයෙක්ද.ශහ් මෙ ගීනුක නේ.ස්ස් ගාන්නේ කවුදබලන්න පිටිපස්ස හැරුනු මම දැක්කේ ගීනුකව.ගීනුක කියන්නේ මගෙ යාලුවෙක් .අපි අවුරුද්දකට සැරයක් ලංකාවට ආවම මුතුකුඩ වල්ව්වට අල්ලපු ගම ඒ කියන්නේ මුතුකුඩදෙනිය ගමේ ඉන්න ලමයෙක් තමයි ගීනුක.මන් ලංකාවේ ආපුවාම වැඩි හරියක් ඉන්නෙත් ගීනුක ඒක්ක
YOU ARE READING
𝗧𝗛𝗘 𝗙𝗔𝗨𝗟𝗧 𝗶𝗡 𝗢𝗨𝗥 𝗦𝗧𝗔𝗥𝗦
Non-Fictionමතක තියාගන්න ඕන කතාවක්.... අමතක වෙන්න කලින්.... සදහටම මතක තියාගන්න ඕන කතාවක්.... මැරෙනකන්ම🤍🔥🧘♂️ ₜₕₑ fₐᵤₗₜ ᵢₙ ₒᵤᵣ ₛₜₐᵣₛ💫 b x b 𝘀𝗶𝗻𝗵𝗮𝗹𝗮