14🔥

21 7 2
                                    

කාලය ගතවෙන ඉක්මන ....එදා නිලාවේලි ගිහින් ඇවිත් දැන් සති තුනකට කිට්ටුයි...අද මෙහෙ 38 වෙනි ඇනිවසරි එක.නිලාවේලි ගිහින් ආවට පස්සේ කියන්න තරන් විශේශ සිදුවීමක් නැති උනත් අපි හැමෝම ගෙව්වේ මාරම බිසී ලයිෆ් එකක් ...

මහී අයියලාව දකින්න වෙන්නේ රෑ නිදාගන්න කොටයි උදේ කෑම වෙලාවෙදීයි විතරයි...එයා සංවිදායක කමිටුවේ සබාපති හින්දා හුස්ම ගන්නවත් වෙලාවක් නෑ කියලා තමා ශෙහාන් අයියා කීවේ...ශෙහාන් අයියනම් ඉඩ ලැබෙන හැමවෙලේම ගීනුව බලලා යන්න එනවා...මහී අයියව දවල් වරුවක දැක්කොත් එක්කෝ ෆයිල් ගොඩක් උස්සන් එහෙමත් නැත්තන් ඔය සැරසිලි වලට ඕන මොනා හරි උස්සගෙන....

ම්ම්...මම නොට් කරපු තව දෙයක් තමා...උඩ බැජ් එකේ හිටිය දිග කොන්ඩයක් තියෙන සුදු අක්කා.නම මහීශා සෙව්මිනී.මහී අයියා කොතනද ඒ අක්කත් නැට්ට වගේ පස්සෙන්.සමහරවිට දෙන්නා සෙට්ද දන්නෙත් නෑ.ඒ අක්කගෙත් කියන්න තරම් අඩු පාඩුවක් නෑ.මහී අයියා වුනත් ඕන කෙල්ලෙක් යාලු වෙන්න දෙපාරක් නොහිතෙන ජාතියේ කොල්ලෙක්. කොච්චර ප්‍රශ්න තිබ්බ්ත් එකක්වත් පිටට පෙන්නන් නෑනේ.මන් තේරුම් ගත්ත තව දෙයක් තමා මහී අයියා කියන්නෙ හෙනම නිහඩ කෙනෙක්.එයාගේ ඉන්නර් සර්කල් එක එක්කවත් වැඩි කතා බහක් නෑ.හැබැයි වැඩක් කරන්න ගත්තම සුපිරියටම කරනවා.ඇනිවසරි පාර්ටි එකේ උනත් උප සබාපති උන ශෙහාන් අයියට කියලා මහ ලොකු වැඩක් කරන්න තිබුනෙ නෑ.මහී අයියා හැම පුංචි දෙයක්ම හොයලා බලලා කෙරුවා....

උත්සවේ පටන් අරගෙන.බාතිය අයියගෙ කටහඩ ඇහෙනවා ස්පීකර් වලින් එදා අපි ආව පලවෙනි දවසෙත් ස්ටේජ් එකේ අනවුස් කරේ එයා.ලස්සන කටහඩක් තියේ එයාට. පූජා නැටුම් පොල් තෙල් පහන අනම් මනම් වැඩ ඉවර වෙලා අපේ බැජ් එකේ මියුසික් කරන කීපදෙනෙක්ම එකතුවෙලා සිංදුවක් කීවා.අපිත් උත්සවේ අන්තිම පුටු ටිකේ ඉදගෙන හිටියේ...අපේ පෆෝමන්ස් තිබ්බේ අන්තිම හරියෙ නිසා.ඊලගට ස්ටේජ් එකට ආවේ මහී අයියා...

කොන්ඩෙ උඩට ජෙල් ගාලා හදලා රතුයි සුදුයි බතික් සරමට ඒ පාටින්ම ශර්ට් එකක් ඇදලා.මාර හැන්සම්...පොඩ්ඩක් ඉන්න අම්මට සිරි මහීශා අක්කත් රතුයි සුදුයි බතික් රෙද්දයි හැට්ටෙයි.මාරම ලස්සනයි.ඒ කියන්නේ මුන් දෙන්නා සෙට්ද.මාරම මැචින් කපල් එකක් වාව්.ගීනුටත් කපල් එකව පෙන්නුවා.ඌ නම් කියන්නේ එහෙම එකක් නෑ කියලා.

𝙏𝙃𝙀 𝙁𝘼𝙐𝙇𝙏 𝙞𝙉 𝙊𝙐𝙍 𝙎𝙏𝘼𝙍𝙎Where stories live. Discover now