ඈඈඈඈඈඈඈඈඈඇආආආආඈඇආආආආඅ.........අම්මේඒඒඒඒඒඒඒඒඑම්.............
වොශ් රූම් එකේ දොර අර්නකොටම හොල්මනක් එක ඇතුලේ.ම්...මේකේ හොල්මන් ඉන්නවද.දොර වැහුව පාර දොර ලොක් වෙලා ඒක ඇරගන්නත් බෑ..මන් කෑ ගහපු පාරට හොල්මනත් අත් උස්සගෙන බලන් ඉන්නවා.ඈ....යකෝ හොල්මනට සික්ස් පැක් තියේද.චොකලට් බාර් එකක් වගේ..නෙතුම් නෙතුම් සිහියට වරෙන් පගෝ.මේ හොල්මනක්.
"ක් ..කවුද"
ඈ යකෝ .හොල්මනට කතා කරන්නත් පුලුවන්ද?
"ම්...මම..නෙතුම්...ඔයා මාව මරන් නෑ නේද.අනේ එපා හරිද.ඔයා හොද හොල්මනනේ.මන් තමා අපේ පරම්පරාව ගෙනියන්න ඉන්න එකම එකා.ම්...මාව මරන්න එපා ඇ.අර එහාපැත්තේ බිල්ඩින් එකේ ඉන්නවා මදන කියලා අශ්වයෙක්.ඌව මරන්න.ඌ හිටියත් වැඩක් නෑ.මාව මරන්න එපා හරිද"
"හහ් හහ් හා"
බේන් මේ හොල්මන හිනාවෙනවා.හොල්මන් වලට හිනා වෙන්නත් පුලුවන්ද?.ආ ඔව්නේ.අර අරුන්දතී එකේ එහෙම හැච හැච ගාන්නේ.
"මේ ...ඔයා..මාව .මරන් නෑ නේද"
"අයියෝ අකාර්ශ.මේ මම ලමයෝ.මෙච්චර ලස්සනට ඉන්න මාව ඔයාට හොල්මනක් වගේද පෙන්නේ.හහ් හහ් හා..."
පොඩ්ඩක් ඉන්න.එ..ඒ කටහඩ
"මහී අයියා"
"ඔව් ඔව් මහී අයියා තමයි හහ් හහ් හා...අම්මෝ මගෙ බඩ හහ් හහ් හා"
"හැක,හැක තමයි.සබන් ගොඩක් මූනේ ගාගත්තම් කාටද අදුරගන්න පුලුවන්.අනික මේ මගුලේ අද ලයිටුත් නෑ.."
සැක්....සැක්ම සැක්.ඒ හොල්මනක් නෙවේලූ.මහී අයියලු.මූනේ තිබ්බ සබන් ටික අතින් පිහදාගෙන මන් දිහා බැලුවා..ඔව් ඔව් එයා තමයි.මූනේ සබන් ගොඩක් ගාගෙන සුදුම සුදුපාටට කලුවරේ මූනක් දැක්කම කවුරුත් බය වෙනවනේ.ඒ උනාට වසම නෝන්ඩිය.සැක්
"ආකර්ශ,දැන්වත් එලියට යනවද,මට මූන හෝදගන්න"
"හා.හරි හරි මේ යනවා යනවා"
රවන්න පුලුවන් හොදම එකෙනුත් රවාන මම එලියට ආවා .සැක් විලිලැජ්ජයි,බාල්දි හතයි ආය මූන දෙන්නේ කොහොමද.ඒ ..ඒ උනාට මහී අයියගෙ ඇගනම් අම්මටසිරි වෙන්නම් තිබ්බා.අත් වල නහර.හනේ යකෝ ඌ මට වඩා අවුරුදු දෙකයි වැඩිමල් මගේ ඇගේ හැටි.හාල්මැස්සෙක් වගේ.මේක හරියන වැඩක් නෙවේ.හෙට ඉදන් හෝර්ලික්ස් වත් බොන්න ඕනේ.නෑ මන් කියන්නේ ආත්මාරක්ශාවට හොදයිනේ නේද....හී...
YOU ARE READING
𝗧𝗛𝗘 𝗙𝗔𝗨𝗟𝗧 𝗶𝗡 𝗢𝗨𝗥 𝗦𝗧𝗔𝗥𝗦
Non-Fictionමතක තියාගන්න ඕන කතාවක්.... අමතක වෙන්න කලින්.... සදහටම මතක තියාගන්න ඕන කතාවක්.... මැරෙනකන්ම🤍🔥🧘♂️ ₜₕₑ fₐᵤₗₜ ᵢₙ ₒᵤᵣ ₛₜₐᵣₛ💫 b x b 𝘀𝗶𝗻𝗵𝗮𝗹𝗮