13🔥

20 4 4
                                    

"ඒ මහියා"

"ඕ"

"දූපතට යනවද"

"හවස් උනානේ ශෙහාන් වෙන දවසක යමු"

"දූපතක්,අනේ සුදු අයියේ යමුකෝ"

"හවස් වෙලානේ මැනික,වෙන දවසක යමු"

"මොකද්ද අනේ ,ආය එන්න බැරි උනොත්.තාම එච්චර වෙලා ගිහින්  නැනේ යමුකෝ"

මෙහෙ දූපතකුත් තියේලු,ශෙහාන් අයියා තමා කීවේ ඒත් මහී අයියා කියනවා හවස් වෙලා යන්න බෑ කියලා.කොහොමහරි මායි ගීනුවයි ගාපු අහින්සක පූසා බටර් පාරට අයියලා දෙන්නම ලිස්සලා ගියා

කලින්ම ගහලා තිබ්බ ටෙන්ට් ටිකයි අනම් මනම් දේවල් ටිකකුයි උස්සගෙන අපි දෙන්නා බෝට්ටුවට නැග්ගා.අයියලා දෙන්න නම් ගියා බයික් දෙක නේවි එකට බාර දීලා එන්නම් කීවා අදුරන අයියලා ටිකක් ඉන්නවා කියලා,නැත්තන් බයික් එක හොයාන පංචිකාවත්තේ යන්න වෙයි කියලා තමා කීවේ...

ඒඑ එනකොට නේවි එකේ අයියලා සෙට් එකකුත් ශෙහාන් අයියලා පස්සෙන්ම ආවා...ම්ම්ම්...
මරු කද යකෝ මෙන්න කදවල්

"ආව්,මොකද රිලවො ගහන්නේ"

"කෙල ටික පිහාගනින් සෙවලයා ලැජ්ජ කරන් නැතුව"

"චූටි මැනිකේ,උබත් හැදෙනවා දැන් හොද ගානකට ම්හුක්"

නේවි එකේ අයියලා එක්ක මොනාද කියව කියව හිටිය මහී අයියලා නේවි අයියලාට බායි පාරක් දාලා ඇවිත් නැග්ගෙ බෝට්ටුවට

"මේ මහත්තයාලා,නේවි එකේ කොල්ලෝ ටික අදුරනවා වගේ"

"ආ ඔව් අන්කල් ,අපේ අයියගේ යාලුවෝ වගයක්"

"මන් හිතුවේ මහත්තයාලා මෙහෙ නෙවේ කියලා"

"ඒ මොකෝ අන්කල්"

"හමේ පාට එහෙම උනත් වෙනස් නොවෑ,ඒරොප්පේ කියලයි මන් හිතුවේ පාට වැටිච්ච හරි ලස්සන පැහැයක්නේ තියෙන්නේ"

"ආහ්...අපි තුන් දෙනා නම් ඉන්දියාවේ,මේ මල්ලි නම් ලංකාවේ"

"ඒකනේ ඒකනේ මට හිතුනා"

"අන්කල් උදේ කීයට විතරද ආය එන්නේ බෝට්ටුව අරන්"

"හය වෙනකොට උනත් මටනම් එත හැකි"

𝗧𝗛𝗘 𝗙𝗔𝗨𝗟𝗧 𝗶𝗡 𝗢𝗨𝗥 𝗦𝗧𝗔𝗥𝗦Where stories live. Discover now