"කතර වහින වැස්ස සේ මල් වැසි ආවා...
සුළගට සලිත ලියවැලක් ලාදලු පෑවා...
විලකට හෙලුබු මලතුරේ පිනි බිදු දෝවා...
මලකට සුවද පොදවගේ මුව රද නාවා...මිහිරාව ආවා..මදුරාස කීවා..
හිත හීන් හිරියාවේ පෙම් සුවද නෑවා...//
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ...ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
හිරු පායන්නේ මේ ජීවිතේ.....හොරගල් අහුලන්නේ මොකෝ"
"නෑ ඉතින් ඔයා සිංදුවක් කිය කියනේ හිටියේ..මං ඉතින් ඩිස්ටර්බ් කරේ නෑ"
"ම්ම්...එලියේ මොකද කරන්නේ"
"නිකන් ආවේ ඉතින්...ලස්සනයි"
"මොනාද..?."
"සිංදුව අනේ සිංදුව...හිතුවද කටහඩ ලස්සනයි කියයි කියලා"
"පුහ්..."
"මොකෝ..? "
"මොකුත් නෑ ඇතුලට යමු..සීතල අල්ලයි"
"පොඩ්ඩක් ඉන්නවකො අනේ...මම ආවා විතරයි තාම...පනකඩාගෙන දුවන්න හදන්නේ..."
"ම්ම්..."
"උපනි අක්කත් ගියාද එදා"
"ම්ම්...ගියා තව සති දෙකකින් විතර වෙඩින් එකනේ"
"ම්ම්...
අබී අයියට කතාකරාද..?""නෑ..."
"ම්ම්.."
💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔☔
"වහිනවා වහිනවා ...ඇතුලට යමු"
"කොහෙද දුවන්නේ පොඩ්ඩක් ඉන්න..චුට්ටක් තෙමුනට මැරෙන් නෑ අනේ..."
වැස්ස පටන්ගත්තත් එක්කම මාවත් ඇදගෙන දුවන්න හදපු මහී අයියව නවත්තලා...මම එහෙම්ම ගල උඩින් බැහැලා අත් දෙක දෙපැත්තට විහිදුවගෙන රවුමක් කැරකුනා...වුෆ්...
"පොඩි එකෙක්ද වැස්සේ තෙමෙන්නේ"
"ඔව් ....ඇයි ඔයා එදා කීවේ😏"
"මොකද්ද ..?
"මම පොඩි එකෙක් කියලා"
"පොඩි එකෙක් තමා"
"ගල උඩට වෙලා බකන්විලන් ඉන් නැතුව එනෝ මාත් එක්ක නටන්න"
"මම නටන්න දන්නේ නෑනේ"
YOU ARE READING
𝙏𝙃𝙀 𝙁𝘼𝙐𝙇𝙏 𝙞𝙉 𝙊𝙐𝙍 𝙎𝙏𝘼𝙍𝙎
Non-Fictionඔබ පෙරදා ආදරේන්... මා ලගින් උන් හැටී... එහි සැමරුම් රූ තමයි ජීවිතේ... මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා..🪻❤️ ₜₕₑ fₐᵤₗₜ ᵢₙ ₒᵤᵣ ₛₜₐᵣₛ💫 b x b 𝘀𝗶𝗻𝗵𝗮𝗹𝗮